nsb

Mar 02, 2017

කැබිනට් මාධ්‍ය හමුවෙදි රාජිත මෝඩය කිව්වෙ චතුරට ?

 පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට මේ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ එල්ල වෙමින් පවතින දැඩි විවේචනාත්මක ප්‍රතිචාර සම්බන්ධයෙන් ඊයේ (01) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහුගේ පියා වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිචාර දැක්විය.

ඒ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

"ඒක හොඳයිනේ. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවේ කොහොමද. ඩොනල්ඩ් ට්‍රම්ප් පොසිටිව් කැම්පෙන් එකකින්ද?. නෑ.. ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවේ නෙගටිව් කැම්පේන් එකකින්. ප්ලෑන් එක තිබුනේ එහෙමනේ. ඒ මෝඩයා කරන.. කරලා.. .මෝඩයෝ කරන එක... ඒක ජනප්‍රිය කරනවානම් ඉතින් මොකද කරන්නේ.. " යනුවෙනි.

එම හඬපටය මෙතනින් අහන්න.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top