nsb

Mar 02, 2017

ඡන්දය කල්හරින රතනහිමිගෙ අලුත් පොත Featured

ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප්‍රථම සැසිය ලෙස පසුගිය (28) වැනිදා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ ප්‍රධානත්වයෙන් “තිරසර යුගයට මග - රට හදන සැලැසුම” ලෙස එළිදක්වා ඇති ලියවිල්ලේ ඇතැම් කැරණු ගැන සැක මතුව ඇතැයි වාර්තා වේ.
 
එම සමුළුවට එජාපයට සම්බන්ධ කිසිදු අයෙකුට ආරාධනා ලැබී නොතිබීමද මේ මතයන් තීවුරවීමට හේතුවී ඇත.
 
මේ අතර, “තිරසර යුගයට මග - රට හදන සැලැසුම” ලියවිල්ල මගින් වත්මන් මැතිවරණ ක්‍රමය ප්‍රතික්ශේප කර ඇති අතර ඉන් යෝජනාකර ඇත්තේ පොදුවේ ගත් කළ සෑම පක්ෂයකටම තමන්ට පෙර ලැබුණු පලාත් සභා ආසන ප්‍රමාණයම ඒ අයුරින්ම ලැබෙන, දැනට පවතින සමානුපාත ක්‍රමය ඒ අයුරින්ම පැවතින, මනාප වෙනුවට කොට්ඨාස ක්‍රමය හඳුන්වාදෙන මැතිවරණ ක්‍රමයකි.
 
ඒ අනුව, නැවත කොට්ඨාස ක්‍රමයකට යන්නේ නම් මේවන විට සිදුකර ඇති සීමා නිර්ණය කිරීම් නැවත සකස් කිරීමට සිදුවේ.
 
කෙසේවුවද, මේ වැඩපිළිවලට ජනපතිවරයාගේ සහය ලැබී ඇති බවට විශ්වාසයක් ජනගතව ඇති අතරම අදාළ කොටස ඊට ඇතුළු කර ඇත්තේ පලාත් පාලන ඡන්දය කල් දමා ගැනීමේ උප්පරවැට්ටියක් ලෙස බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
 
එම පොතේ 56 වැනි පිටුවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මනාප ක්‍රමය අහෝසි කිරීම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී ජනතාවට ඉදිරිපත් කළ “මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15 වැනි පිටුවේ සඳහන්ව ඇති බවයි.
 
අදාළ කොටස පහත දැක්වේ.
rathana11
rathana33
rathana2
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top