nsb

Mar 02, 2017

සමයං ඝාතකයින්ගේ රට ගමන ගැන පොලිසිය අවදියෙන් Featured

කලුතරදී බන්ධනාගාර රථයකට වෙඩි තබා සත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් රටින් පිටවීමේ උත්සාහයක නිරත වන බව පොලිසිය පවසයි.

ඔවුන් ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් රටින් පිට වීමට උත්සහ දරණ බවත් එය වැළැක්වීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිසිය සදහන් කරයි.

එම ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා හා එයට සම්බන්ධ බහුතරයක් දෙනා මේ වන විට හදුනාගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

අරුණ දමිත් උදයංග හෙවත් සමයං ඇතුළු සය දෙනනෙකුට වෙඩි ප්‍රහාර එල්ල කර සැකකරුවන් පළා යාමට භාවිතා කළ වෑන් රථය පෙරේදා (28දා) හොරණ මොරගහහේන ප්‍රදේශයේ තිබී සොයා ගැනිණි.

විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසියට වෑන් රථයේ තිබී සැකකරුවන්ගේ බවට සැක කළ හැකි හිස කෙස් සහ වෙඩි තැබූ ස්ථානයේ තිබූ ශාක වල කොටස් කිහිපයක්ද හමුවී තිබේ.

සබැඳි පුවත්

බන්ධනාගාර බසයට වෙඩි තබා 07 ක් මැරූ කල්ලිය හඳුනාගනී !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top