Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 02, 2017

කිත් නොයාර් හෙට ලංකාවට එයිදැයි සැකයක් ! Featured

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළ නඩුව හෙට (03) කැඳවීමට නියමිත අතර එම අවස්ථාවට කීත් නොයාර් මහතා සහභාගිවීම සැකසහිත බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී පැවසීය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කර තිබේ.

ඒ, සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයින් පසුගිය 23දා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වෙන මාර්තු මස 03 දින මාධ්‍යවේදී කීත් නොයාර්ගේ පැමිණීම අනිවාර්ය බවද නැවත හඳුනාගැනීමේ පෙරට්ටුවක් නොපවත්වන බවද මහේස්ත්‍රාත්වරිය එහිදී දැනුම් දී තිබිණ.

කෙසේවුවද කීත් නොයාර් මහතාට එල්ලවී තිබෙන තර්ජන සැලකිල්ලට ගෙන ඔහු දිවයිනට පැමිණෙන දිනය රහසක් අවසන් තබා ගැනීමටත්, හඳුනාගැනීමේ පෙරට්ටුව රහසිගතව සිදුකිරීමටත් අදාළ අංශ කටයුතු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top