Mar 03, 2017

අස්කළ ඉරුදින කර්තෘ ඇතුළු මාධ්‍යවේදීන් සටනේ

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග පුරෝගාමී වී පිහිටවූ ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ සහෝදර සිංහල ප්‍රකාශනය වන ‘ඉරුදින’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ සේවයෙන් පහ කිරීම සහ ඊට විරෝධය පෑ කර්තෘ මණ්ඩල සාමාජිකයන් හය දෙනකුට ආයතනය තහනම් කිරීමට එරෙහිව ඔවුන්  ගල්කිස්ස පොලීසියට, කම්කරු දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

පුවත්පත ප්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක විසින් නිකුත් පෙබරවාරි 27 දින නිකුත් කර ඇති ලිපියකට අනුව කිසිදු පුර්ව දැනුම් දීමකින් හෝ විමර්ශනයකින් තොරව පෙබරවාරි 28 දින සිට ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න ගේ සේවය අවසන් කරන ලද බව පැමිණිලිවල සඳහන් වේ.


ETF - EPF :


ඔහුගේ සේවය අත් හිටුවා ඇත්තේ ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ලබා දී නැති සහ සේවය කළ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් කොටස් ගෙවා නැති තත්වයක් තුළ මාර්තු මාසයේ වැටුප පමණක් ගෙවීමේ පොරොන්දුව පිට බව ‘ඉරුදින’ සේවක එකමුතුව පවසයි.

ඒ සම්බන්ධයෙන් පාලනාධිකාරියෙන් සාකච්ජාවක් ලබා දෙන තුරු රාජකාරි නොකරන බව ලිඛිත ව දන්වමින් කර්තෘ මණ්ඩලය මගින් විසින් මාර්තු 1 දා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම නිසා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ට ආයතනයට ඇතුල් වීම අධ්‍යක්ෂ මණ්ඩලය මගින් තහනම් කර ඇති බව ආරක්ෂක අංශය විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව ආයතනය තහනම් කොට ඇත්තේ කසුන් පුස්සෙවෙල, ශාලික විමලසේන, දිල්හාන් විමල්ක, ජනක විජේගුණතිලක, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ බණ්ඩාර වැවගෙදර කර්තෘ මණ්ඩල සාමාජිකයන් හය දෙනාටයි.

‘විමලෙගෙ කොලම’ ලියා සම්මානයට පාත්‍රවූ විමලනාත් වීරරත්නගේ පුරප්පාඩුවට පත් කර ඇත්තේ පහළොස් වසරකට ආසන්න කාලයක් ‘ලංකාදීප’ යේ සේවය කළ සුජිත් මංගල ද සිල්වා මාධ්‍යවේදියායි.

(radiogagana)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top