nsb

Mar 03, 2017

දුමින්ද සිල්වාට දරුණු ස්නායු ආබාධයක්

මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබ බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට දරුණු ස්නායු ආබාධයක් ඇති බව ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදීමට පත්කළ වෛද්‍ය කමිටුව විසින් ලබාදුන් වාර්තා වේ සටහන්ව ඇත.
 
අදාළ කමිටුව අධිකරණ නියෝගයකට අනුව පත් කළ අතර ඊට සමන් ‍වැදනම්බි,දීපාල් අත්තනායක,පද්මා ගුණරත්න, සුනේත්‍රා සේනානායක, සුනීතා වීරකෝන්, සුදත් ගුණසේකර,ප්‍රොපෙසර් නවීන් හන්වැල්ල, අජිත් තෙන්නකෝන්, තුෂාර මැටිවලගේ යන වෛද්‍යවරුන් ඇතුළත්ව සිටිති.
 
එම වෛද්‍ය කමිටුවේ පරීක්ෂණ වලට දුමින්ද සිල්වාගේ පූර්ණ සහය ලැබුණු බවද අදාළ වෙද්‍ය කමිටුව සිය වාර්තාවේ සටහන් කර ඇත.
 
ඔහුගේ මොළයේ ඇටකටු කැබලි හා ලෝහ කැබලි ඇති බව පසුගිය පෙබරවාරි 23 වැනිදා සිදු කළ සීටී ස්කෑන් පරීක්ෂණයකින් හෙළිකරගත හැකිවූ බවද එහි දැක්වේ.
 
එසේ මොළයේ කැබලි ඇති ස්ථානයන්හි දකුණු පස ඇති ස්ථානයේ දරුණු කිදා බැසීමක් ඇති බවත්, දක්වා ඇති වෛද්‍යවරු ඔහුගේ මොළයේ ඉදිමීමක් ඇතැයිද කියා සිටී.
 
දුමින්දට දරුණු සැත්කමක් සිදු කර ඇති බවද වෛද්‍ය වාර්තාව මගින් හෙළිකර තිබේ.
 
මේ හේතුව නිසා ඔහුට ආතතියක් හේතුවෙන් ආබාධ ඇතිවීමට හැකියාවක් ඇති බවද පෙන්වා දී ඇති වෛද්‍යවරු රාත්‍රියේදී හුස්ම ගැනීමේ යන්ත්‍රය භාවිතා කරණ ලෙසද උපදෙස් දී ඇත.
 
විත්තිකරුවා වැනි මානසික ආතතියට ලක්වූවෙකු වෙතින් ශරීරයේ පණනැති ගතිය,  හිසරදය, බොඳවී පෙනීම හා කැරකැවිල්ල යන ලක්ෂණ දක්නට ලැබෙන බවත්,  එම මානසික ආතතියේ දරුණුබව අනුව එම රෝග ලක්ෂණ ද අඩුවැඩි විය හැකි බවත් සඳහන් කරන එම වාර්තාව, මෙය මානසික රෝගයක් නොව මානසික ප්‍රතික්‍රියාවක් බව කියා සිටියි.
 
මොළයට හානි සිදු වූ පුද්ගලයකු තුළ මෙම ප්‍රතික්‍රිය වැඩි වශයෙන් ඇති විය හැකි බවද එහි වැඩිදුරටත් දැක්වේ.
 
අපස්මාරය ඇතිවීම වැළැක්වීමට ඔහුගේ antiepileptic ඖෂධ තවදුරටත් ගත යුතු බවත්, සය මසකට වරක් හෝ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එම කාලයට පෙර ස්නායු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත්කර පරීක්ෂාවකට ලක් කළ යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත. 
 

කොළොන්නාව ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු මිය යාමේ සිද්ධියට වරදකරුවකු වූ දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමිවූ අතර දුමින්ද ද එහිදී වෙඩි ප්‍රහාරයට ලක් විය.

කෙසේවුවද, බන්ධනාගාරගතව සිටියදී දුමින්දගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු මේව විට සිටින්නේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනි.

 
එම වාර්තාව පහත දැක්වේ.
Duminda1
Duminda2
Duminda3
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top