Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 03, 2017

වික්ටර්ගේ මඟුලෙන් පසු පුතා අවමගුල ලියයි

ප්‍රවීන සංගීතවේදී වික්ටර් රත්නායක මියගිය බවට ඔහුගේ පුත් ලෙලුම් රත්නායක ෆේස්බුක් සටහනක් යෙදීමෙන් මුළු කලා කේෂත්‍රයම ගිනිගෙන තිබේ.

වික්ටර් මියගිය බවට ලෙලුම් සටහනක් යොදා ඇත්තේ වික්ටර් ඔහුගේ 75 වැනි උප්නිදිනය යෙදී තිබූ ඉකුත් 01 වැනිදා 33 හැවිරිදි කතක් විවාහ කර ගැනීමය.

කෙසේවුවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ වික්ටර් වසර ගණනාවක සිට අදාළ කාන්තාව සමඟ මෙලනියම් සිටිහි ජීවත්ව ඇති බවයි.

අදාළ, කාන්තාව බැංකුවක සේවය කර ඇති බව පැවසෙන අතර ඇය නමින් අමේන්ද්‍රා බවද පැවසේ.

ඇයට බැංකු වංචාවක් හේතුවෙන් රැකියාවද අහිමිව ඇති බවත්, අදාළ වංචාවට සම්බන්ධ මුදල බැංකුවට ගෙවා ඇත්තේද වික්ටර් බවටද මේ අතර රාවයක් ඇත.

වික්ටර්ගේ බිරිය මියගොස් මේවන විට වසර 13ක් ගෙවී ගොස් ඇති බවද පැවසේ.

ඔහු බිරිය මියයාමෙන් පසුව කලක් සිට ඇත්තේ ඔහුගේ දියණියගේ නිවසේය.

කෙසේවුවද, පසුගිය 13 වැනිදා වික්ටර්ගේ බිරියගේ අනුස්මරණ පිංකමක් ඔවුන් දෙපළගේ දරැවන් විසින් සංවිධානය කර ඇති අතර එයටද වික්ටර් ගොස් නැති බව පැවසේ.

එදින ඔහු අධික ලෙස මත්පැන් පානය කර රියපදවා අනතුරකටද ලක්ව ඇතැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.

මූලාශ්‍රය - අපේ රට

MyF 03 03 17

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top