Mar 03, 2017

"ඖෂධ ටෙන්ඩර්වලට ඇමැතිගේ බලපෑමක් නැහැ”

රුසියාවෙන් ආනයනය කළ පියයුරු පිළිකා ඖෂධයක් පිළිබදව ඒකාබද්ධ විපක්ෂය නැගූ චෝදනා පිළිබදව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ අදහස් පළ කරන ලදි.

"ඒකාබද්ධ විපක්ෂය සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇති චෝදනාවල සත්‍ය තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කළ යුතුයි. නැතිනම් ජනතාව තුළ වැරදි චිත්‍රයක් මැවෙනවා.

රුසියාවෙන් ආනයනය කළ පියයුරු පිළිකා ඖෂධය මිලදී ගැනීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මූල්‍ය අක්‍රමිකතාවයත් සිදු කළ බවට ඔවුන් චෝදනා කළා.

එම ඖෂධය වෛද්‍ය සැපයුම් අංශයට ලබාගැනීමේ දී තාක්ෂණික ඇගයීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළේ මමයි.

මෙතෙක් කල් පියයුරු පිළිකා සදහා ලබාදෙන ඖෂධ ආනයනය කළේ එක් බහුජාතික සමාගමක් පමණයි.

මතභේදයට තුඩු දී ඇති ඖෂධය ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන්නේ රුපියල් 2,85,000 කටයි.

විශාල මූල්‍ය වාසියක් :

ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2016 වසරේ දී නව සැපයුම්කරුවෙකු ලියාපදිංචි කර තිඛෙනවා.

දන්ත වෛද්‍යවරයෙකු ලෙසත්, සෞඛ්‍ය අමත්‍යවරයා ලෙසත්, රාජිත සේනාරත්න මහතා ඊට කිසිදු මැදිහත්වීමක් සිදු කළේ නැහැ.

ලියාපදිංචිය සිදු කළේ දිර්ඝ විශ්ලේෂණයකින් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසිනි.

මෙම පියයුරු පිළිකා ඖෂධය ටෙන්ඩර් කැදවීමෙන් පසු නව සැපයුම්කරු රුපියල් 1,44,000 කට මිල නියම කර තිබුනා.

ඒ අනුව අවම ටෙන්ඩරයට ඖෂධ ගෙන්වීමට අවසර ලබාදුන් අතර, එමගින් විශාල මූල්‍ය වාසියක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබී තිඛෙනවා.

කිසිදු මුල්‍ය අක්‍රමිකතාවයක් සිදු නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මම ප්‍රකාශ කරන්න කැමැතියි.

කිසිදු ගැටළුවක් නැ:

ඖෂධ සමාගම්වලට බොහෝ පිරිස් හසුරුවා ගැනීමට හැකියාවක් තිඛෙනවා.

නමුත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එලෙස හසුරුවා ගැනීමට ඔවුන්ට නොහැකි වුනා.

මෙම ඖෂධය රුසියාවෙත් භාවිතා කරනවා. නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ ලබාදෙන ඖෂධ වෛද්‍යවරුන් භාවිත කළ යුතුයි.

මහරගම අපේක්ෂා රෝහලේ එම ඖෂධය දැනට වසරකට වැඩි කාලයක් භාවිත කරන අතර, කිසිදු ගැටළුවක් මතු වී නැහැ.”

ඒකාබද්ධ විපක්ෂය විසින් මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කැනර් යන්ත්‍රයක් ලබාදීම පිළිබදව ද චෝදනාවක් ඉදිරිපත් කළා. නමුත් මම කියන්න කැමැතියි එම යන්ත්‍රය මිලදී ගැනීම තවමත් පවතින්නේ තාක්ෂණික ඇගයීම් කමිටුවෙයි.”

ඖෂධය ගැන ගැටළුවක් වාර්තාවී නැ :

මෙම මාධ්‍ය හමුවට එක් වූ වෛද්‍ය ලාල් පනාපිටිය (වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ) මහතා ද අදහස් දැක්වූ අතර ඔහු මෙසේ පැවසිය.

"රුසියාවෙන් ආනයනය කළ පියයුරු පිළිකා ඖෂධය පිළිබද ගැටළුවක් පවතින්නේ නම් වෛද්‍ය සැපයීම් අංශයට වාර්තාවක් ලැබිය යුතුයි. මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නැහැ.

එම ඖෂධය රෝගීන්ට භාවිත කිරීමෙන් සංකූලතාවයක් මතු වී ඇති බවට වාර්තා වී නැහැ.

ඖෂධ මිලදී ගැනීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැහැ.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය ද බලපෑමක් සිදු කරන්නේ නැහැ. එවැනි බලපෑම් එල්ලවුවහොත් ඊට යටත් වන්නේත් නැහැ.”

සබැඳි පුවත් :

'මහාපරිමාන දුෂකයින් ටොප් 10 තේරීම විහිළුවක්'


මිලියන 990ක වංචාවක් : රාජිතත් 'ටොප් 10' ලයිස්තුවට !


'ඖෂධ මාෆියාවේ ඕනෑම අභියෝගයකට සුදානම්' - රාජිත

ඖෂධ සමාගමක් රාජිතට එරෙහිව නඩු මගට !

'හොර වෛද්‍ය සංගමයක්' : රාජිත CID යයි

ටෙන්ඩරය නැවැත්තුවේ ඖෂධ මාෆියාවයි

පිළිකා ඖෂධ ටෙන්ඩරයක් අත්හිටුවයි

කෝටි 1 1/2 ක්‌ පාඩු කළ ඖෂධ සමාගම කට්ටිපනි !

පිළිකා රෝගීන් බිලිගන්නා හොර ඖෂධ ජාවාරමක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top