Mar 04, 2017

හම්බන්තොට ගිවිසුම හරි! - අර්ජුනගෙ ඇමැතිකම අනතුරේ?

 හම්බන්තොට වරාය ප්‍රතිසංවිධානයට අදාළව ‘චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් ’සමාගම සමඟ ගිවිසුම්ගත වීම යෝජිත කැබිනට් සංශෝධනයෙන් අනතුරුව ස්ථීරවම සිදු වන බවත් ඒ වෙනුවෙන් නව එකඟතා ගිවිසුම මේ වන විට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම යන අමාත්‍යවරුන් විසින් සකසා අවසන් කරමින් ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට හම්බන්තොට වරාය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුත්ත සඳහා වත්මන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංගගේ සහාය නොලැබීම හේතුවෙන්  කැබිනට් සංශෝධනයෙන් අනතුරුව අදාළ ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කොට ඇත.

ඒ අනුව හම්බන්තොට වරාය සඳහා වන ගිවිසුම සකස් කිරීමේ දී මෙන්ම එම ගිවිසුම අත්සන් කිරීමේ දී අර්ජුන රණතුංග අමාත්‍යවරයාව ඊට සම්බන්ධ කර නොගැනීම තුළ බොහෝ දුරට යෝජිත කැබිනට් සංශෝධනයෙන් අනතුරුව අර්ජුන රණතුංග අමාත්‍යවරයාට වරාය සහ නාවුක කටයුතු විෂය නොලැබීමේ ඉඩකඩක් ඇති බවය.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ද අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ විෂය එළඹෙන කැබිනට් සංශෝධනයේ දී අහිමි වීමේ අවදානම තහවුරු කර සිටියි.

(සංජය ලියනගේ)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top