Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 04, 2017

ජනපතිගේ ඉන්දුනීසියානු සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දුනීසියානු සංචාරයෙන් පසුව ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

එළැඹෙන සඳුදා (06)  ජනාධිපතිවරයා ඉන්දුනීසියාව බලා යාමට නියමිත අතර ඔහු නැවත 08 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මාර්තු 15 වන දින ඇමැති මණ්ඩල සංශෝධනය කිරීමට සූදානමක් ඇති බව වාර්තාවේ.

මේ අනුව මුදල්, ධීවර, විදුලිබල, ජනමාධ්‍ය, නීතිය හා සාමය, මහාමාර්ග සහ වරාය යන ඇමැති ධුර වෙනස් වීමට නියමිත බවත් වාර්තා වේ. මේ අතර  විදේශ අමාත්‍යාංශයත් සංශෝධනය කරන්නැයි ශ්‍රීලනිප ඇමැතිවරු කිහිප දෙනකු ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවත් දැන ගැනීමට ඇත.

අගමැතිගේ ඉල්ලීමක් :

RanilWickramasingha 600px 16 11 16කෙසේ නමුත් ඇමැති මණ්ඩල සංශෝධනය ප්‍රමාද කරන ලෙස අගමැතිවරයා ඉල්ලීමක් සිදු කර තිබෙන බවත් එය අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් වන වාර්තාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිදු කරන ලෙසත් පසුගිය දා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ බවත් දැන ගැනීමට තිබේ.

 මෙම වාර්තාව මුදල් ඇමැතිවරයාගේ අසමත්භාවය ප්‍රකට කරවන ලියැවිල්ලක් වනු ඇති බව ද තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඇමැති මණ්ඩල සංශෝධනයට හේතු වී ඇත්තේ ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ල වී ඇති දූෂණ චෝදනා සැලකිල්ලට ගෙනය.

යහපාලන ආණ්ඩුවට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා හේතුවෙන් ජනතාව අතර අප්‍රසාදයක් ගොඩනැඟී තිබීම මත ආණ්ඩුවේ පැවැත්මට හානි ගෙන දීම වළක්වා ගැනීම ජනාධිපතිවරයාගේ අභිලාෂය වී ඇති නිසා මෙම පියවර ගෙන ඇති බවත් පැවසේ.

(ඩී. මංජුල කුමාර)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top