Mar 04, 2017

FCID චෝදනා ලද්දෝ මෙන්න Featured

 රාජ්‍ය මුදල් සහ දේපළ අවභාවිතාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි විසිනවයක විමර්ශන කටයුතු අවසන් කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) සමත් වී ඇත.

අදාළ විමර්ශනවල දී පැමිණිලි අටක් සම්බන්ධයෙන් හඳුනාගත් දේපළ සහ මූල්‍ය වත්කම් අධිකරණ ක්‍රියාමාර්ග මඟින් තහනමට ලක් කිරීමට හෝ නැතිනම් රාජසන්තක කිරීමට ද මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කර ඇත.

විමර්ශනවල දී හඳුනාගෙන මේ වන විට එලෙස තහනමට ලක් කර ඇති දේපළවල සමස්ත වටිනාකම රුපියල් බිලියන දෙකයි දශම අටකි. 

රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විසිඑකක විමර්ශන කටයුතු ද පූර්ණ වශයෙන් අවසන් කර ඇති අතර අවභාවිතයට ලක් වී ඇති රාජ්‍ය මුදල්වල සමස්ත වටිනාකම රුපියල් බිලියන අටයි දශම හතරක් බව අනාවරණය කරගෙන ඇත.

මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණ ක්‍රියාමාර්ග මඟින් තහනමට හෝ රාජසන්තක කිරීමට ලක් කර ඇති දේපළ භාවිත කර ඇත්තේ බැසිල් රාජපක්ෂ, තිරු කුමාර් නඬේෂන්, මුදිත ජයකොඩි, යෝෂිත රාජපක්ෂ, ඬේසී  ෆොරස්ට්, ඉසිර ධර්මප්‍රිය බණ්ඩාර දසනායක, චානුක උපේන්ද්‍ර රත්වත්තේ, රොමේෂා දුෂ්‍යන්ති සෙනරත්, නන්දික සංජීව දයාරත්න, නිලෝෂාන් රොමෙලා මෙන්ඩිස්, උදයංග වීරතුංග, විනයාගමූර්ති මුරලිදරන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ගාමිණී අධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන අය ය.

රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විසිඑකක විමර්ශනවල දී ඊට සම්බන්ධ වී ඇති පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ජානක ශ්‍රී වර්ණසිංහ, එහි හිටපු සභාපති චමින්ද අතලුවගේ, තරංග නවීන් වීරකෝන්, උතුරුමැද පළාත් සභාවේ හිටපු සභානායක ආනන්ද සරත්කුමාර රත්නායක, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක හර්ෂජීව ගොඩහේවා, හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඉඩම්  ගොඩකිරීමේ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, ඛනිජතෙල් සංස්ථාවේ හිටපු සභාපති රනේපුර හේවගේ සමරතුංග, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක, හිටපු දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක, දිවිනැගුම හිටපු බැංකු මූල්‍ය අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි, අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ. අමිත කිත්සිරි රණවක, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්ද මල්ලවාරච්චි, ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට, හේවා ගුණරත්න භාෂ්වර සේනාංක, ඩී.එස්. ජයවීර, එන්. බී. හේමා ධර්මවර්ධන, රණසිංහගේ සේමසිංහ රණවක, ආර්. ආර්.ඩී. චන්ද්‍රසිරි, රාජා ද එදිරිසූරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති මහාචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආෂු මාරසිංහ, සංජීව දයාරත්න, ඉරෝෂන් රොමෙලෝ මෙන්ඩිස්, හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු සභාපති රොහාන් දලුවත්ත, චම්පික කරුණාරත්න යන පුද්ගලයෝ ය.

(දයා නෙත්තසිංහ)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top