Oct 31, 2016

'අගමැති ඉල්ලා අස්විය යුතුයි' - ඒකාබද්ධ විපක්‍ෂය

අක්‍රමිකතා සිදුවූ බැඳුම්කර ගනුදෙනුවලට වගකිවයුතු බවට කෝප් වාර්තාවෙන් හෙළි වී ඇති අර්ජුන මහේන්ද්‍රන් මහතා නැවත ලංකාවට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගන්නා ලෙස රජයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන අංශවලින් ඉල්ලා සිටින ඒකාබද්ධ විපක්ෂය, මහ බැංකුව භාර ඇමැතිවරයා වන අග්‍රාමාත්‍යවරයා වහාම තනතුරින් ඉල්ලා අස්‌විය යුතු බවද කියා සිටියි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා 'දිවයින' පුවත්පතට එම කාරණය අවධාරණයක කර තිබේ.

අර්ජුන මහේන්ද්‍රන් මහතා කෝප් වර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දින (27 දා) සිංගප්පූරුවට ගොස්‌ තිබූ අතර, ඔහු මංගල උත්සවයකට ගොස්‌ ඇති බවත්, ලබන සතියේ නැවත ලංකාවට එන බවත් ප්‍රකාශ වී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top