nsb

Oct 31, 2016

'අපිට හොරා කිය කියා ආණ්‌ඩුව හොරා කනවා '- මහින්ද

''අපිට හොරා කිය කියා මේ ආණ්ඩුව ජනතාවගේ මුදල් හොරකම් කරනවා'' යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා දැරණියගල ශ්‍රී සුමන සමන් දේවාලයේ පැවති ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව රැස්‌ව සිටි ජනතාව අමතමිනි.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‌ෂ මහතා මෙසේද කීය.

''අද මේ ආණ්‌ඩුව පළාත් පාලන ඡන්දය තියා සමුපකාර ඡන්දයවත් තියාගන්න බය වෙලා පරදියි කියලා. අධ්‍යාපනය විනාශ කරලා. මිහින් ලංකා ගුවන් සේවය අපේ කාලේ ලාභ ලැබුවා. අද එක පාඩුයි කියලා විකුණා දැම්මා.

පික්‌පොකට්‌කාරයා හොරා අල්ලන්න දුවනවා වගේ.

වැට්‌ බද්ධ වැඩි කිරීම හරහා ආණ්‌ඩුව රෝගීන් සූරා ගෙන කනවා. වැට්‌ එක වැඩි කිරීමට ආණ්‌ඩුවට අවශ්‍ය නෑ. හොරා කන එක නැවැත්තුවා නම්. එක සමාගමක්‌ එක්‌ක ආණ්‌ඩුව ඩිල් දාලා බිලියන 15 ක්‌ සමාගමට දීලා.

අද වෙනකොට මේ ආණ්‌ඩුව වැටිලා තියෙන්නේ.

දේව සාපයක් !

අද පන්සලක, දේවාලෙක අලියෙක්‌ තියා ගන්න බෑ ගෙනියනවා. අපේ කාලේ කතරගම දේවාලයට ලබා දුන්නු අලිය මේ අය අරන් ගිහින් පින්නවල අලි අනාථාගාරයේ දාලා ඉන්නවා. කිසිදු සැලකිල්ලක්‌ නොදක්‌වා මෙහෙම කරන කොට දේව සාප ඇති නොවෙයිද?

ජනාධිපතිවරයා කලබල වෙලා මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට රහස්‌ පොලිසියට අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්ට දොස්‌ කීවා.

අද මේ ආණ්‌ඩුවේම අය කියනවා ආණ්‌ඩුව හොරකම් කරනවා කියලා. අද ආණ්‌ඩුවට දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය පල දීලා. ජනතාව ඉල්ලන්නේ මොනවාද ඒවා දෙනවා. ජනතාව ඉන්නේ කොතනද මමත් එතන ඉන්නවා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top