nsb

Mar 05, 2017

'ටොප් 09 චෝදනාව පුස් වෙඩිල්ලක්' - රූමි කියයි Featured

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ 'ටොප් 09' චෝදනාව පුස් වෙඩිල්ලක් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා පවසයි.

මොහොමඩ් නම තිබු පලියට සියලු දෙනා ඥාතීන් නොවන බව පවසන රූමි මහතා, ඖෂධ සමාගම්වල අධ්‍යක්ෂධූරවල තමාගේ පවුලේ ඥාතීන් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඔහු එබව සඳහන් කලේ, රුසියාවෙන් ආනයනය කරන ලද පියයුරු පිළිකා ඖෂධය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඔහුට එල්ල කල චෝදනාව පිළිබදව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

මම ව්‍යාපාරිකයෙක් :

"රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන මම ව්‍යාපාරිකයෙක්. මගේ පවුලේ අය වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මම ආශ්‍රය කරන්නේ 2014 වසරේ සිටයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට මම සක්‍රිය ලෙස දායක වුනා.

දර්ගා නගරයේ පදිංචිකරුවෙකු වන මම පසුගිය රජයෙන් බැට කෑ පුද්ගලයෙක්. එම නිසා නව රජය බිහි කිරීමට කැපවී කටයුතු කළා.

මතභේදයට තුඩු දී ඇති රුසියානු ඖෂධය ලංකාවට ගෙනඒමට මාගේ කිසිදු සම්බන්ධයක් නැහැ.

ලක්ෂ 50 ක් දෙන්නම් කීවා :

පිළිකා ඖෂධ ආනයනය කරන ඔමෙක්ස් සමාගමේ මෙවන් විඡේසිංහ නම් පුද්ගලයෙකු මා හමුවීමට සංස්ථාවට පැමිණ සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

මම මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන් පසු ඔහුට නඩුවක් ඇති බවත්, නිදොස් කොට නිදහස් වී පැමිණෙන්නේ නම් අවස්ථාව ලබාදීමට සුදානම් බව ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයා මගේ මිතුරෙකු හරහා දැනුම් දුන්නා සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට වේලාවක් ලබාදෙන්නේ නම් රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබාදෙන බව. මම එය ප්‍රතික්ෂේප කළා.

ඉන් පසු ඔහු ප්‍රකාශ කළා ඉදිරියේ දී ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවෙයි කියලා. ඒ අනුව තමයි මට ඒකාබද්ධ විපක්ෂය හරහා චෝදනා එල්ල කරන්නේ.

මොහොමඩ් වූ පලියට ඥාතින් නොවේ :

ඒකාබද්ධ විපක්ෂය මගේ නම සදහන් කරමින් ඖෂධ සමාගම්වල ඥාතීන් අධ්‍යක්ෂ ධූර වල සිටින බවට චෝදනා කළා. මම වගකීමෙන් කියන්න කැමැතියි මගේ කිසිදු ඥාතියෙකු හෝ මම ඖෂධ සමාගම්වල අධ්‍යක්ෂ ධූර දරන්නේ නැති බව.

එහෙම අධ්‍යක්ෂධූරයක් දරනවා නම් ඔප්පු කර පෙන්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයට මම අභියෝග කරනවා.

ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන පුද්ගලයින් දෙදෙනා ගැන මම දන්නේ නැහැ.

මොහොමඩ් වූ පලියට ඔවුන් ඥාතින් වෙන්නෙත් නැහැ.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට මම සක්‍රීයව දායක වුනා.

මට අවශ්‍ය වුයේ අමාත්‍යවරයා කළුතර දිස්ත්‍රීක්කයේ ප්‍රථමයා කිරීමටයි.

ගුණමකුවෙක් නෙමෙයි :

සෞඛ්‍ය අමාත්‍යවරයා ශල්‍යකර්මයකට භාජනය කිරීම සදහා සිංගප්පූරුවට ගිය අවස්ථාවේ දී මම එහි ගිය බව ඇත්ත.

ලගින් ආශ්‍රය කරන පුද්ගලයෙකුට කරදරයක් වූ පසු උදවු නොකරන පුද්ගලයින් ගුණමකුවන් බව මම ප්‍රකාශ කරනවා.

එම නිසා මම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පවුලේ පිරිස් සමග සිංගප්පූරුවේ සිටි බව ඇත්ත.

ටොප් 09 චෝදනාව පුස් වෙඩිල්ලක්.

මිලියන 1000 ක ඉතිරියක් :

මෙම පියයුරු පිළිකා ඖෂධය වාර්ෂිකව 5000-7000 ක් ප්‍රමාණයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍යයයි.

නව ඖෂධය ආනයනය කිරීමෙන් රුපියල් මිලියන 1000 ක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වී තිඛෙනවා.

ඒකාබද්ධ විපක්ෂය කියන්නේ එම මුදල බහුජාතික සමාගම්වලට දෙන්න කියල ද, මුදල් ඉතිරි කරපු එක ප්‍රශ්නයක් ද, ඉතිරි කළ මුදල්වලින් සෞඛ්‍ය අමාත්‍යවරයා ස්ටෙන්ස්, අක්ෂි කාච රෝගීන්ට ලබාදෙනවා.

මම අල්ලස් කොමිසමෙන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා කඩිනමින් මෙම පැමිණිල්ල විභාග කරන්න කියලා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිස මගේ කිර්ති නාමයට හානි කිරීම හා චරිත ඝාතනය කිරිමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද බලාපොරොත්තු වෙනවා.” යයි ද රූමි මහතා පැවසිය.

(සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය අංශය)

සබැඳි පුවත් :

"ඖෂධ ටෙන්ඩර්වලට ඇමැතිගේ බලපෑමක් නැහැ”

'මහාපරිමාන දුෂකයින් ටොප් 10 තේරීම විහිළුවක්'

මිලියන 990ක වංචාවක් : රාජිතත් 'ටොප් 10' ලයිස්තුවට !

'ඖෂධ මාෆියාවේ ඕනෑම අභියෝගයකට සුදානම්' - රාජිත

ඖෂධ සමාගමක් රාජිතට එරෙහිව නඩු මගට !

'හොර වෛද්‍ය සංගමයක්' : රාජිත CID යයි 

ටෙන්ඩරය නැවැත්තුවේ ඖෂධ මාෆියාවයි 

පිළිකා ඖෂධ ටෙන්ඩරයක් අත්හිටුවයි 

කෝටි 1 1/2 ක්‌ පාඩු කළ ඖෂධ සමාගම කට්ටිපනි ! 

පිළිකා රෝගීන් බිලිගන්නා හොර ඖෂධ ජාවාරමක් 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top