Mar 05, 2017

ඊ ජාතික හැඳුනුම්පත් ටෙන්ඩරයත් හොර පාරේ ! Featured

නව ඉලෙක්‌ට්‍රෝනික ජාතික හැඳුනුම්පත් (ඊ හැඳුනුම්පත්) ටෙන්ඩරය ඉහළ මිල ගණන් යටතේ නියමිත පිරිවිතර ඉදිරිපත් නොකළ සමාගමකට ලබාදී තිබේ.

මෙසේ ටෙන්ඩරය ලබාදී ඇත්තේ, ටෙන්ඩර් කමිටුවේ බහුතරය ඊට විරෝධය පළ කර තිබියදීය.

මේ වන විට ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුව හා විගණකාධිපති දෙපාර්තමේන්තුව පරීක්‌ෂණ පවත්වමින් සිටියදී මෙසේ එම ටෙන්ඩරය හදිසියේ ලබාදීම සැකයට හේතුවී තිබේ.

රටක ජාතික හැඳුනුම්පත අඩු මිලකට ජනතාවට ලබාදිය යුතු වන්නේ එය රටේ සියලුම දෙනා ලබාගත යුතු අනිවාර්යය ලියෑවිල්ලක්‌ නිසාය.

මෙවර ජාතික හැඳුනුම්පත සඳහා රුපියල් 42 ක්‌ වැනි අඩු මිල ගණනක්‌ ඉදිරිපත් වූ සමාගම් තිබියදී එය ලබාදී ඇත්තේ රුපියල් 72 ක මිලක්‌ ඉදිරිපත් කළ සමාගමකටය.

ISO ප්‍රමිති සහතික සහ සියයට සියයක්‌ පොලිකාබනේට්‌ කාඩ් පතක්‌ විය යුතු බවට අනිවාර්යය පිරිවිතර මෙම ටෙන්ඩරය සඳහා අවශ්‍ය වූ අතර එය ලබාදී ඇති සමාගම අදාළ සහතික ඉදිරිපත් කර නොමැත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top