Mar 05, 2017

'ශ්‍රීලනිපයට තනිව ආණ්ඩු හදන්න බැහැ'

ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර අත්හැරිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම අවස්ථාවේ දී කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට සියලු දෙනා එක්වීම බව ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා එම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා 'නෙත් නිවුස්' රතුකට්ට විශේෂාංගයට ඊයේ (04) එක්වෙමින් කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි එක්සත් වීමට නම් ජාතික ආණ්ඩුව සමග එක්ව සිටින සියලු දෙනා අමාත්‍ය ධුර අත්හල යුතු බව රන්ජිත් සොයිසා මන්ත්‍රීවරයා පවසා තිබිණ.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡාවක් කිරීමට ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වන්නේ නම් ඊට කොන්දේසි විරහිතව සහභාගී විය යුතු බවයි.


සබැඳි පුවත් :


අපට අවශ්‍ය පිරිසිදු සන්ධානයක් - අමරවීර


සන්ධාන ආණ්ඩුවක් හදන්න ‘ඒකාබද්ධය’ මෛත්‍රී ළඟට

'ජනාධිපතිතුමනි බලය අතට ගන්න' - ඩිලාන් (වීඩියෝ)

'ශ්‍රීලනිප ජනපති සමග සන්ධාන ආණ්ඩුවක්'

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top