Mar 06, 2017

'මට දේශපාලනඥයකු වීමට අවශ්‍ය නැහැ' - ගෝඨාභය Featured

වියතුන් රාජ්‍ය පාලන තන්ත්‍රයට සම්බන්ධ වුවද දේශපාලනඥයකු වීම අවශ්‍ය නොවන බව ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

එබැවින් රට යහපත් මාර්ගයට ගෙන ඒම සඳහා වියතුන් සමඟ එක්‌ව ක්‍රමවේදයක්‌ සකස්‌ කරන බව ද හෙතෙම කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කලේ බොරලැස්ගමුව 'ගෝල්ඩන් රෝස්' උත්සව ශාලාවේ පෙරේදා (04) පැවති 'වියත්මඟ' මහ සමුළුවට එක්වෙමිනි.

තමා ඉදිරියේදී රජයක කිසිදු තනතුරක්‌ ලබාගැනීමට අපේක්‍ෂා නොකරන බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී කියා සිටියි.

"ඉදිරියේදී මොන රජයක්‌ පත්වුණත් මම තනතුරු භාරගන්නේ නැහැ. නමුත් ජනතාව සමඟ හිඳිමින් ඒ අයට කළයුතු සේවාවක්‌ තිබෙනවා නම් ඒ දේ කරනවා. මම හැම වෙලාවෙම ජනතාව සමඟයි"...... යෑයි ද හෙතෙම කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මහපෙන්විම යටතේ ක්‍රියාත්මක වන 'වියත්මඟ' සංවිධානයේ මෙම සමුළුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ හා ජී.එල්. පීරිස් යන යන මහත්වරුන්දඑක්ව සිටියේය.

ආචාර්ය දයාන් ජයතිලක, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්විය.

බලවත්ව තිබූ ආරක්‍ෂක බුද්ධි අංශ අද සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බවත්, දැන් යන ආකාරයට රටේ ආරක්ෂක තත්ත්වය එතරම් සුබදායී නොවන බවත් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා එහිදී පැවසීය.


සබැඳි පුවත් :
'සමයං’ ට තිබූ ආණ්ඩු හැදීමේ හයිය ගැන මහින්ද කියයි (ඡායාරූප)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top