nsb

Mar 06, 2017

"ඒකාබද්ධයේ ආයු කාලය අගෝස්තුවේ දී ඉවරයි”

ලබන අගෝස්තු මාසය වන විට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් විසින් සිදු කළ වංචා දුෂණවලට අගෝස්තු මාසය වන විට නියත වශයෙන්ම දඩුවම් ලැඛෙන බව ඔහු පවසයි.

ඇමතිවරයා මෙම කාරණය සඳහන් කර සිටියේ, ඊයේ (05) අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ  ශ්‍රි සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

ඩිලාන් විරෝධය පළකරයි :


ඒකාබද්ධ විපක්ෂයේ ආයු කාලය ලබන අගෝස්තු මාසයෙන් අවසන් වන බවට රාජිත සේනාරත්න මහතා ඊයේ සිදු කළ ප්‍රකාශයට රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විරෝධය පල කර සිටියි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එවැනි ප්‍රකාශයක් සිදු කිරීමට නොහැකි බව ගුවන් විදුලි නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඩිලාන් පෙරේරා මහතා පැවසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සේසත් කිරීමට ගෙන යන වැඩපිළිවෙල අවුල් කිරීම මෙවැනි ප්‍රකාශවල අරමුණ වී ඇතැයි ඩිලාන් පෙරේරා මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය. 

View the embedded image gallery online at:
http://sinhala.srilankamirror.com/news/2831-life#sigProIde698f7a09f

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top