Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 06, 2017

සතුරු ඉලක්කය නොවැරදුනු නීරෝට ජීවන ඉලක්කය වැරදිලා (වීඩියෝ) Featured

යුද සමයේ දක්ෂ වෙඩික්කරුවකු ලෙස බොහෝදෙනා කතා බහ කළ ස්නයිපර් නීරෝ හෙවත් කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි ගේ පවුලම මේවන විට විවිධ ගැටලුවලට ලක්ව සිටින බව වාර්තා වේ.
 
ඇගේ, මව විසින් අදාළ තොරතුරු හෙළිකළ වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැරීමත් සමඟ මේ බව හෙළිව තිබේ.
 
සිව්වැනි ඊලාම් යුද්ධයේදී එල්.ටී.ටී.ඊ. සාමාජික ජීවිත 2,000කට හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවන් වග කියා ඇති බව පැවසේ.
 
එම වෙඩික්කරුවන් අතර නීරෝ, කැමා, ලාරා, මරර්,පිග්මි හා සූන් යන අයට විශේෂ ස්ථානයක් හිමිව තිබූ බව පැවසේ.
 
කෙසේවුවද, 2009 අප්‍රේල් මස 28 වැනිදා නීරෝ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් මියගිය අතර ඒ වනවිට ඔහුගේ ඉලක්කය නොවැරදුන වාර ගණන 214ක් බව පැවසේ.
 
නීරෝ නමින් පාරක්
 
නිරෝ නමින් පාරක් වෙන්වී ඇතත් ඔහු වෙනුවෙන් නිවසක් ලබාදීමට හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ හෝ අවධානය යොමුව නැති බවද මේ අතර වාර්තා වේ.
 
කෙසේවුවද, නීරෝට සතුරු ඉල්ලක්ක නොවැරදුනට ඔහුගේ ජීවිත ඉලක්කය වැරදී ඇති බව බොහෝ දෙනෙකුගේ මතයයි.
 
ස්නයිපර් ඉතිහාසය
 
ස්නයිපර් තුවක්කු කරුවෙකුගේ හමුදාමය වැඩ කොටසේ ආරම්භය 18 වන සියවසේ අවසානය තරම් අතීතයට දිවෙන බව පැවසේ.
 
ස්නයිපර් තුවක්කු කරුවෙකු හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන Sniper යන්න දඩයම් කිරීමට සහ වෙඩි තැබීමට අපහසු වූ Snipe නම් කුරුළු වර්ගය ඇසුරෙන් නිර්මාණය වූවකි. 
 
නීරෝගේ මව කියන කතාව පහතින්...
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top