15976 BM WEB BANNER 01
Mar 06, 2017

විමල්ට ලෝයර් වෙන්න අවසර : හැබැයි කතාව කෙටියෙන් (වීඩියෝ)

පසුගිය රජය සමයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (06) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

වීරවංශ මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ තමනට නීතීඥ සහාය නොමැතිව කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලීමට නඩුව සුළුවේලාවකට කල් තැබූ කොටුව මහේස්ත්‍රාත්වරිය නඩුව යළි කැඳවමින් කියා සිටියේ අදාල කරුණු දැක්වීම කෙටියෙන් කරන ලෙසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top