nsb

Mar 06, 2017

FCIDයට දේශපාලන බලපෑම් !

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ඇතැම් විමර්ශන සඳහා විවිධ දේශපාලන බලපෑම් එල්ල වන බව 'දූෂණ විරෝධි හඬ' සංවිධානය පවසයි.

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය.

"සමහර පැමිණිළි විභාග වෙන්නෙත් බොහොම හෙමින්. ඒ පැමිණිළි සඳහා දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙනවයි කියලා පැහැදිළියි." යයි එහිදී ඔහු සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුවේ සිටි දුෂිත පුද්ගලයින්ද වත්මන් ආණ්ඩුව සමග එක්ව මහජන දේපළ අවභාවිත කරන බවද ඔහු මෙහිදී පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top