nsb

Mar 07, 2017

'රාජ්‍ය ආයතන 6 ක්‌ විකිණීමට යනවා' - මහින්ද Featured

රාජ්‍ය ආයතන හයක්‌ (6) වහාම පෞද්ගලික අංශයට විකුණා දැමීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ තිබෙන බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

මේ සඳහා වන මූලික සාකච්ඡා වට කිහිපයක්‌ දැනටමත් අවසන් කර තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ජාතිය සතු සම්පත් මෙලෙස විකුණා දැමීම ජාතික අපරාධයක්‌ බව ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙලෙස විකුණා දැමීමට එකඟ වී ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්‌ඩලය, ඛනිජ තෙල් සංස්‌ථාව, විදුලිබල මණ්‌ඩලය, වරාය, ගුවන්තොටුපළ, ශ්‍රී ලන්කන් එයාර්ලයින් යන ආයතන හය බව හෙතෙම අනාවරණය කළේය.

රාජ්‍ය දේපළ මෙලෙස කුණුකොල්ලයට විකුණා දැමීමට රජය ගෙනයන ව්‍යාපාරයට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය රටේ අනෙකුත් බලවේග සමඟ එක්‌ව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

ඉතිහාසය පුරාවට එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩු රාජ්‍ය දේපළ විකුණා දැමූ බවත් අද ජාත්‍යන්තර අරමුදලට අවශ්‍ය ආකාරයට රට මෙහෙයවීමට පටන්ගෙන තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top