nsb

Mar 07, 2017

කමල් යළිත් පරණ ආදරයේ පැටලිලා !

ප්‍රවීන රංගන ශිල්පියකු වන කමල් අද්දරආරච්චි සිය ෆේස්බුක් පිටුවේ "Ramani my love……” යනුවෙන් තැබූ සටහනක් නිසා කතාබහක් ඇතිව තිබේ.
 
ඔහු ඊට අමතරව එහි මෙලෙසද ලියා තිබේ.
"Ada eyaa Nethi unath adaraya novenasva thiyenawaa....! Adaraya kerapu adaraya denena hadawathakata kohomawath puluwanda thaman adaraya kerana kenekuwa maraa damanna tharam darunu sithak ethi keraganna..?"
 
කමලේගේ රමණි නම් 1987 ජූනි මාසයේදී හදිස්සි අනතුරකින් මිය ගිය රමනී බර්තෝලමියුස්ය.
 
ඇය කමල්ගේ පෙම්වතියව සිටි බව ප්‍රසිද්ධ රහසකි. 
 
කෙසේවුවද, කමල්ට රමණීගේ හදිස්සි මරණයට මිනීමැරුම් චෝදනා එල්ලවු අතර පසුව අධිකරණ වෛද්‍ය වාර්තා වලින් අනතුරුව ඔහුගේ නිර්දෝෂිභාවය සනාථවිය.
 
රමණී, 1985 වසරේ ශ්‍රී ලංකා රූ රැජින ලෙසද කිරුළු පැළඳි අතර ඇය මිය ගියේ වයස අවුරුදු 21 පිරීමට ආසන්නව සිටියදීය.
 
සිය පියාගේ මිතුරෙකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් හරහා යුගාන්තය චිත්‍රපටයෙන් සිංහල සිනමාවට එක්වූවාය.
 
එහි ඇය, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා හා රිචඩ් ද සොයිසා සමඟ හරි හරියට රංගනයේ යෙදී තිබිණි.
 
ඇය 1985 වසරේ ෆොලොරීඩා හි පැවැති ලෝක රූ රැජින තරගයට ද එක්වීමට සමත් වූවාය.
 
කෙටිකලකින් ජනප්‍රියත්වයට පත් රමණී සිංගප්පූරු වෙළඳ භාණ්ඩ වල ද දැන්වීම්කරණයට එක් විය.
 
ඊට අමතරව අබාන්ස් ටුවර් කාර්ස්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, වැස්ලින් ෂැම්පු, ස්වර්ණමහල්, මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් හා ගල්කිස්ස හෝටලයේ වෙළෙඳ දැන්වීම්වලටද පෙනී සිටියාය.  
 
රමණීට, මේරි බර්තෝලමියුස් නමින් නැගණියක් සිටින අතර ඇය මේ වන විට සිටින්නේ ඕස්ට්‍රේලියාවේය.
 
කමල්, රමණී ගැන දැමූ පෝස්ට් කිහිපයක්පහත දැක්වේ.
Ramani
 
Screen Shot 2017 03 07 at 9.02.29 AM
 
17098474 10155012814539242 5435480658315514575 n
 

 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top