nsb

Mar 07, 2017

බැඳුම්කර ගැසට් එක පඹ ගාලක් වෙයි : මහින්දත් ඒ වැඩේම කරලා ! Featured

කුප්‍රකට බැඳුම්කර ගැසට්‌ පත්‍රයට සිය නම හොරට යොදා ගැනීමට එරෙහිව නඩු පවරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිට ඉහතදී ප්‍රකාශකර සිටියද ඔහු මේවනවිට එම තීරණය වෙනස්කර ගෙන ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

ඊට හේතුවී ඇත්තේ,  2003 වර්ෂයේ එනම්  එක්සත් ජාතික පෙරමුණ පාලන සමයේ මුදල් අමාත්‍ය කේ.එන්. චොක්සි මහතා යටතේ නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් නිකුත් කළ 2013 වසරේ ගැසට් නිවේදනයට මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා ඇති බව හෙළිවීමයි.

අංක 1791/13 යටතේ 2013 ජනවාරි මස 01 වනදා නිකුත් කර ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයට අත්සන් තබා ඇත්තේ හිටපු ජනාධිපතිවරයාය.

ඒ තුළ 2003 ඔක්තෝබර් 01 වනදා 7%ක වාර්ෂික පොලී අනුපාතයක්  යටතේ නිකුත් කර ඇති රුපියල් දසලක්ෂ 7,041 ක බැඳුම්කර, 2013 අගෝස්තු 15  වනදා 7.5%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ නිකුත් කර ඇති රුපියල් දසලක්ෂ 19,623ක බැඳුම්කර, 2003 පෙබරවාරි 01 වනදා 8.50%ක වාර්ෂික පොලී අනුපාතයක්  යටතේ නිකුත් කර ඇති රුපියල් දසලක්ෂ 11,047  ක බැඳුම්කර, 2003 ජූලි 15 වනදා 8.50%ක පොලී අනුපාතයක්  යටතේ නිකුත් කර ඇති රුපියල් දසලක්ෂ 41,024 ක බැඳුම්කර ආවරණය වන ලෙස මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.


ප්‍රකාශිත වර්ෂයත් වැරදියි :

එපමණක් නොව අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමේ දිනය ලෙස 2013 ජනවාරි මස 01 වනදා සඳහන්ව ඇතත් එය මුද්‍රණය කර ප්‍රසිද්ධ කර ඇත්තේ 2014 වසරේ සැප්තැම්බර් මාසයේ වන බව ද එහි සඳහන්ව ඇත.

 එසේම මෙම ගැසට් පත්‍රය  2013 ජනවාරි මස 01 වනදා නිකුත් කර ඇති බවත් සඳහන්ව තිබුණත් එහි 2013 වසරේ ආරම්භයේ සිට එහි අග භාගය දක්වා වන බැඳුම්කර නිකුතූන්ට අදාළ නිවේදන ද එහි සඳහන්ව ඇත.

ඒ අනුව 2013 නොවැම්බර් 01 වනදා 9%ක වාර්ෂික පොලී අනුපාතයක්  යටතේ නිකුත් කර ඇති රුපියල් දසලක්ෂ 20,009ක බැඳුම්කර, 2013 සැප්තැම්බර් 20 වනදා 12%ක වාර්ෂික පොලී අනුපාතයක්  යටතේ නිකුත් කර ඇති රුපියල් දසලක්ෂ 24,258  ක බැඳුම්කර, 2013 ජුනි 01 වනදා 9%ක වාර්ෂික පොලී අනුපාතයක්  යටතේ නිකුත් කර ඇති රුපියල් දසලක්ෂ 101,456  ක බැඳුම්කර, 2013 මැයි 01 වනදා 9%ක වාර්ෂික පොලී අනුපාතයක්  යටතේ නිකුත් කර ඇති රුපියල් දසලක්ෂ 92,784  ක බැඳුම්කර, 2013 ජුනි 01 වනදා 9%ක වාර්ෂික පොලී අනුපාතයක්  යටතේ නිකුත් කර ඇති රුපියල් දසලක්ෂ 33,809 ක බැඳුම්කර 2013 මැයි 01 වනදා 9%ක වාර්ෂික පොලී අනුපාතයක්  යටතේ නිකුත් කර ඇති රුපියල් දසලක්ෂ 11,044  ක බැඳුම්කර, 2013 පෙබරවාරි 01 වනදා 9%ක වාර්ෂික පොලී අනුපාතයක්  යටතේ නිකුත් කර ඇති රුපියල් දසලක්ෂ 21,050 ක බැඳුම්කර සම්බන්ධ නිවේදන එහි සඳහන්ව ඇත.

පඹ ගාලක් :

තවද  2003 සහ 2013 වසරවල ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරනු ලැබූ බැඳුම්කරවලට අමතරව 2008, 2009, 2010, 2011, 2012 යන වසරවල නිකුත් කරනු ලැබූ බැඳුම්කර සම්බන්ධ නිවේදන ද එහි සඳහන්ව ඇත.

එසේම මෙම සෑම බැඳුම්කර නිකුතුවකට අදාළව “1983 අංක 51 දරන පනතින්, 1985 අංක 03 දරන පනතින්, 1995 අංක 32 සහ 2004 අංක 02 දරන පනතින් සංශෝධිත 1937 අංක 07 දරන (420 වැනි අධිකාරය වන) ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනතේ 4 වැනි වගන්තිය ප්‍රකාර මා වෙත පැවරී ඇති බලතල අනුව මුදල් සහ ක්‍රම සම්පාදන ඇමැති මහින්ද රාජපක්ෂ වන මම, 2012 අංක 23 දරන විසර්ජන පනතින් ණය මාර්ගයන් ගැනීමට බලය පවරන ලද බිලියන එක්දහස් තුන්සිය තුනක මුදලින් මෙහි පහත උපලේඛනයෙහි සඳහන් ආකාරයට ශ්‍රී ලංකාව ඇතුළත ණයට ගැනීමට මේ ආඥාවෙන් නියම කරමි”  යනුවෙන් සඳහන් අතර ආඥාව නිකුත් කරන බලධාරියා ලෙස මුදල් සහ ක්‍රම සම්පාදන ඇමැති මහින්ද රාජපක්ෂ, “2013 ජනවාරි 01 වැනි දින කොළඹ දීය” ලෙස දක්වා ඇත.

කෙසේවුවද, බැඳුම්කර ගනුදෙනුවට අදාළ ගැසට් පත්‍රයට එරෙහිව හැකිනම් නඩු පවරන ලෙස මුදල් ඇමැති රවී කරුණානායක මහතා කරන අභියෝගය ඉතාමත් සතුටින් භාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා මිට ඉහතදී ප්‍රකාශ කර තිබිණ.

(මූලාශ්‍රය - සත්හඬ)
 සබැඳි පුවත් :

මහින්ද, රවිගේ අභියෝගය බාරගනී - නඩු පැවරීමට යයි
බැඳුම්කර ගැසට් පත්‍රය අපරාධ වරදක් !

''හොර හිතින් කළොත් හෙළිදරව් වෙනවා'' රවී ගෙන් මහින්දට ප්‍රතිචාරයක්

බැඳුම්කර ගැසට් පත්‍රයට මහින්දගේ නම ආ හැටි

මහ බැංකුවේ සමරසිරිට ජනතා බදු මුදලින් රැකවරණ ?

වැඩේ මාට්ටු ! - බැදුම්කර ගැසට් පත්‍රය ගැන මහින්දගෙන් නිවේදනයක්

'මහ බැංකුවේ සමරසිරිගේ වැඩ තහනම් කරන්න'

බැඳුම්කර ගැසට් නිවේදනයත් බොරු නම් තත්වය බරපතලයි !

බැදුම්කර ගැසට් පත්‍රයට නම දැම්මාට මහින්ද නඩු යයි.

බැදුම්කරයට මහින්දගේ අත්සනින් නිකුත් වූ ගැසට් පත්‍රය මෙන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top