15976 BM WEB BANNER 01
Mar 07, 2017

නීරෝ පොල් අක්කර 5යි ලක්ෂ 5ට සමකරන්න හදලා (වීඩියෝ)

යුද සමයේ දක්ෂ වෙඩික්කරුවකු ලෙස බොහෝදෙනා කතා බහ කළ ස්නයිපර් නීරෝ හෙවත් කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි පොල් කැඩෙන අක්කර පහකට හා රුපියල් ලක්ෂ පහකට සමකරන්න හැදූ පුවතක් සම්බන්ධයෙන් ඔහුගේ මව හෙළිකර තිබේ.
 
ඒ නීරෝ උපන් මෙහොතේ ඔහුගේ බර රාත්තල් දහතුනා මාරක් වූ බවත්, එබැවින් ඔහු හදාවඩාගන්නට අපහසු බව පවසමින් නීරෝ දරුවා පොල් කැඩෙන අක්කර පහකට හා රුපියල් ලක්ෂ පහකට නීරෝ උපන් රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ඉල්ලූ බව මව කියා සිටින්නීය.
 
නීරෝ උපන් මොහොතේ ඔහුගේ කොණ්ඩය උරහිස දක්වා වැඩී තිබූ බවද ඇය පවසා සිටී.
 
වසර 1988 ආණමඩුවේ ගම්උදාව පැවැති අවස්ථාවේ ඇය වෙනුවෙන් නීරෝ තැනූ නිවස මේවන විට ගරා වැටී ඇති අයුරුද වීඩියෝවේ දැක්වේ.
 
නීරෝ ජීවත්ව සිටි සමයේ තමා බලාගත් ආකාරයත්, නීරෝ මියගිය පසු ඔහු මළ බව කියන ස්ථානය බලන්නට යාපනයට ගිය ආකාරයත් ඇය හෙළිකර තිබේ.
 
 

 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top