Mar 08, 2017

ජනමාධ්‍ය ඇමතිකම අගමැතිගේ ලඟම හිතවතකුට ! Featured

ලඟදි පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනමාධ්‍ය අමාත්‍ය ධුරය අගමැතිවරයාට සමීප තරුණ ඇමතිවරයකු වෙත පැවරීමට තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඔහුට එම අමාත්‍ය ධුරය පවරනු ලබන්නේ ඔහු දැනට දරන ඇමති ධුරයට අමතරව බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඇමති, නියෝජ්‍ය ඇමති හා ලේකම් යන තිදෙනාම වෙනස්වන බවට වරින් වර විවිධ වාර්තා පළ විය.

පසුගියදා ජාතික රූපවාහිනියේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩ භාර ගැනීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ලේකම්ධූරයේ සිටින්නේ තවත් සුලු කාලයක් බව තමන්ට හැගී යන බවයි.

ඉන්පසු ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසා සිටියේ ජනමාධ්‍ය ඇමතිධූරය ඇතුලු ඇමතිධූර රැසක් සංශෝධනය කිරීම සඳහා තීරණය කර ඇති බවයි.

අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාද වෙනත් අමාත්‍යංශයකට පත්කරනු ඇතැයිද එම ආරංචිමාර්ග ප්‍රකාශ කර සිටියේය.

ඇමති, නියෝජ්‍ය ඇමති හා ලේකම් යන තිදෙනාම වෙනස්වන එකම අමාත්‍යංශය ජනමාධ්‍ය අමාත්‍යංශය වන අතර මීට හේතුව වී ඇත්තේ අමාත්‍යංශයේ ඇතිවූ බලඅරගලය බවද පැවසේ.

මෙම සංශෝධනයෙන් පසු ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා රජයේ මුද්‍රණාලය හැර අනෙක් සියලුම ආයතනවල සභාපතිවරුන් අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් වෙනස් කිරීමද සිදු කිරීමට නියමිත බවත් අගමැති කාර්යාල අරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top