15976 BM WEB BANNER 01
Mar 08, 2017

බැඳුම්කර ගැසට් පත්‍රය - මුද්‍රණාලයාධිපතිනියටත් නඩු වැටෙන ලකුණු !

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට අදාලව 2015 ජනවාරි 01 වනදා නිකුත්  කර ඇති අංක 1895/19 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය සම්බන්ධව පසුගිය සතියේ  පැවති කැබිනට් මණ්ඩල හමුවේ ද බරපතළ ලෙස සාකච්ඡා වී ඇති අතර චම්පික රණවක, සරත් අමුණුගම, දයාසිරි ජයසේකර ඇතුළු අමාත්‍යවරුන් ගණනාවක් එහිදී යෝජනා කර ඇත්තේ අදාළ ගැසට් නිවේදනය නිවැරැදි කිරීමට වහාම පියවර ගත යුතු බවයි.

එසේ නිවැරැදි නොකළහොත් කූඨ ලේඛන සකස් කිරීම යටතේ අපරාධ චෝදනාවක් රජය වෙත එල්ල වීමේ අවදානමක් ඇති බවත් තිස්ස අත්තනායක මහතා පසුගිය සමයේ සිරදඬුවම් ලබා සිටියේ ද එවැනි චෝදනාවක් මත බවත් එහි දී සාකච්ඡා වී ඇත.

මේ අතර 2015 ජනවාරි 01 වනදා නිකුත් කර ඇති අංක 1895/19 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය වෙත අපරාධ චෝදනාවක් එල්ල වුව හොත් ඒ තුළ අදාළ ලේඛනය මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීමට දායක වීම හේතුවෙන් රජයේ මුද්‍රණාලයාධිපතිවරිය ද චෝදනා ලබන තත්ත්වයක් මතුව ඇති බව ද වාර්තා වෙයි.

චෝදනාවෙන් ගැලවීමක් නැහැ :


එම වාර්තා වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ ලංකාවේ සියලුම මුද්‍රණකරුවන් මුද්‍රණයේ සහ ප්‍රකාශය සම්බන්ධ නීති ප්‍රකාරව කටයුතු කරන බවට දිසා විනිසුරුවරයකු ඉදිරියේ දිවුරුම් දෙන බවත් රජයේ මුද්‍රණාලයාධිපති ද ඒ නීතියට යටත් වන නිසාවෙන් කිසියම් පුද්ගලයකු හෝ පාර්ශ්වයක් බලපෑම් කළ බව පවසා ඒ මත අදාළ කූඨ ලේඛනය තමන් මුද්‍රණය කළා කියා ගැලවීමට රජයේ මුද්‍රණාලයාධිපතිට නොහැකි බවය.

 එසේම රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් වැනි අතිශය වැදගත් ලියවිල්ලක් මුද්‍රණය කිරීමට පෙර එහි නිරවද්‍යතාව සම්බන්ධව විමසා බැලීමට රජයේ මුද්‍රණාලයාධිපතිට වගකීමක් ඇති බවත් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධව එවැනි වගකීම්සහගත හැසිරීමක්  රජයේ මුද්‍රණාලයාධිපති පෙන්නුම් නොකර බවත් එම වාර්තා සඳහන් කරයි.

මහින්දගේ අත්සනක් නැහැ :


කෙසේ වුවත් පසුගිය දා කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කර සිටියේ, 2012 වසර වන තුරු සෑම ගැසට් පත්‍රයක්ම මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා යොමුකර ඇති නමුත් 2013 වසරේ සිට එවකට මුදල් අමාත්‍යවරයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන නොමැතිව එවකට මහ බැංකු අධිපතිවරයා ගැසට් පත්‍රය මුද්‍රණයට යොමුකර ඇති බවයි.

අනතුරුව 2014, 2015 වසරවල දී එය සම්ප්‍රදායක් ලෙස ගෙන ගිය බවක් දක්නට ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

එසේම අදාළ ප්‍රශ්නය හටගෙන තිබෙන්නේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ වරදින් බව ද අමාත්‍යවරයා එහි දී පැවසිය.

 2015 ගැසට් පත්‍රය නිකුත් කිරීමේ දී රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් 1937 අංක 07 දරන සංශෝධිත ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතෙහි 4 වන වගන්තියට අදාළව අනුගමනය කර ඇති ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

එහෙත්  2015 ජනවාරි 01 වනදා නිකුත් කර ඇති අංක 1895/19 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය තුළ මෙන්ම 1791/13 යටතේ 2013 ජනවාරි මස 01 වනදා නිකුත් කර ඇති බැඳුම්කර සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදන තුළ බරපතළ අන්දමේ දෝෂ ඇත.

 
වැරදි සම්ප්‍රදායක්  :

RaviKarunanayake 600px 16 11 19මේ අතර බැඳුම්කරයට අදාළ ගැසට්‌ නිවේදන මුද්‍රණය කර තිබෙන්නේ වැරදි සම්ප්‍රදායකට අනුව බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් අනුමැතිය සඳහා ඉදිරිපත් කරමින් ඇමැතිවරයා එසේ කීය.

'' ගැසට්‌පත්‍රය අත්සන් කරද්දී පසුගිය රජය භාවිත කළ වැරැදි ක්‍රම දැන් හෙළිවී තිබෙනවා'' යයි පැවසු මුදල් ඇමතිවරයා, පසුගිය රජයේ වැරැදි සම්ප්‍රදාය මේ ගැටලුවලට මුල බව කියා සිටියේය.

බැඳුම්කර සිද්ධියට මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කල විමසීමකට පිළිතුරු දුන් රවි කරුණානායක මහතා, '' මහින්ද රාජපක්‍ෂ මහතා මේකට අත්සන් කර නෑ. නමුත් වැරැදි සම්ප්‍රදාය ගැටලුවක්‌. අත්සන සහිතව මුදල් අමාත්‍යාංශයට නොයවා ගැසට්‌ නිවේදනය මුද්‍රණය කිරීමේ වැරැදි සම්ප්‍රදාය දිගටම ක්‍රියාත්මක වෙලා තියනවා'  යයි කියා සිටියේය.

සබැඳි පුවත් :

බැඳුම්කර ගැසට් එක පඹ ගාලක් වෙයි : මහින්දත් ඒ වැඩේම කරලා !

මහින්ද, රවිගේ අභියෝගය බාරගනී - නඩු පැවරීමට යයි

බැඳුම්කර ගැසට් පත්‍රය අපරාධ වරදක් !

''හොර හිතින් කළොත් හෙළිදරව් වෙනවා'' රවී ගෙන් මහින්දට ප්‍රතිචාරයක්

බැඳුම්කර ගැසට් පත්‍රයට මහින්දගේ නම ආ හැටි

මහ බැංකුවේ සමරසිරිට ජනතා බදු මුදලින් රැකවරණ ?

වැඩේ මාට්ටු ! - බැදුම්කර ගැසට් පත්‍රය ගැන මහින්දගෙන් නිවේදනයක්

'මහ බැංකුවේ සමරසිරිගේ වැඩ තහනම් කරන්න'

බැඳුම්කර ගැසට් නිවේදනයත් බොරු නම් තත්වය බරපතලයි !

බැදුම්කර ගැසට් පත්‍රයට නම දැම්මාට මහින්ද නඩු යයි.

බැදුම්කරයට මහින්දගේ අත්සනින් නිකුත් වූ ගැසට් පත්‍රය මෙන්න

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top