nsb

Mar 08, 2017

'රතන හිමිගේ න්‍යාය පත්‍රය සැක කටයුතුයි' - ෆොන්සේකා Featured

හමුදා බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම් හමුවේ හමුදා බුද්ධි අංශ විනාශ වන බවට රතන හිමියන් ප්‍රකාශ කර ඇත්නම්, එය "වෙනත් යම් කිසි න්‍යාය පත්‍රයක් ඔලුවේ තියාගෙන" කළ ප්‍රකාශයක් බව හිටපු හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් හමුදාව හෝ හමුදාවේ බුද්ධි අංශ කඩා නොවැටෙන බව ඔහු අවධාරණය කර සිටියි.

ඊයේ (07)  කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු එසේ අදහස් දැක්වූයේ හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් ඒකාබද්ධ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමිනි.

ජනාධිපතිවරයා මෙන්ම හමුදාවේ සියළු සාමාජිකයන්ද රටේ නීතියට යටත් බව පැවසූ අමාත්‍ය සරත් ෆොන්සේකා, එයට පිටුපෑමට කිසිවෙකුටත් නොහැකි බව ද පෙන්වා දුන්නේය.

'කොළඹ බුද්ධි මෙහෙයුම් කළේ ගෝඨා'

හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ යම් වරදක් ඇත්නම් ඔවුන් මුලින්ම ත්‍රිවිධ හමුදා පරීක්ෂණ මණ්ඩලයකට යොමුකළ යුතු බවට අතුරලියේ රතන හිමියන් කළ ප්‍රකාශයට පිළිතුරු දුන් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රමවේදයක් නොමැති බවයි.

"රටේ නීතියට මුහුණ දෙන්න ඉස්සෙල්ලා මෙයා අතනින් සුද්ද වෙන්න ඕනේ කියලා ක්‍රමයක් නැහැ."

මාධ්‍යවේදීන්ට පහරදුන් බවට චෝදනා එල්ල වන්නේ ඔහු හමුදාපති ධුරය හෙබැවූ සමයේ සේවයේ යෙදී සිටි බුද්ධි අංශ සාමාජිකයන්ට බැවින් එහි යම් වගකීමක් භාරගත යුතු නේදැයි විමසූ විට අමාත්‍ය ෆොන්සේකා සඳහන් කළේ, හමුදා සාමාජිකයන් ලක්ෂ දෙකක් කරන සියළු දේට හමුදාපතිවරයාට වගකිව නොහැකි බවයි.

තමා හමුදාපති ධුරය දැරූ අවස්ථාවේ කොළඹ බුද්ධි මෙහෙයුම් සිදු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත් :

රට මෙහෙයවන්නේ කවුදැයි රතන හිමිට ප්‍රශ්නයක් ?

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top