Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 08, 2017

සභාපති පවුලට කැලෑපත්තර : තුනකට අනිවාර්‍ය නිවාඩු Featured

සභාපතිගේ බිරිඳට කැලෑ පත්තර යැවූවයි චෝදනා කරමින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සේවකයන් තිදෙනෙකු අනිවාර්‍ය නිවාඩු යවා ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

යකඩ විකිණීම හා සේවකයකුට පහරදීම ඇතුළු චෝදනාවලට ලක්ව සිටින කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා ගේ මැදිහත්වීමෙන් මේ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවා ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
මෙසේ අනිවාර්‍ය නිවාඩු යවා ඇත්තේ නියෝජ්‍ය අභ්‍යන්තර විගණන නිලධාරී කේ.ජී. නාරද, සහකාර සාමාන්‍යාධිකාරී (සේවා)  අමිත පැස්කුවෙල් හා සහකාර විගණන නිලධාරී චමින්ද ප්‍රියංජිත් යන තිදෙනාය.
 
දේවගෙදර නීතියටත් මෙල්ල නෑ 
මීට පෙර තම බිරියට පෙත්සමක් යැවූ බව කියමින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා ජාතික සේවක සංගමයේ සභාපති ඩබ්ලිව්.වී.එස්. සූරසිංහ මහතාව සිය කාර්යාල කාමරයට ගෙන්වාගෙන සෙසු උසස් නිලධාරීන් ඉදිරියේ පහරදී තිබිණි.
 
මේ සම්බන්ධයෙන් සූරසිංහ මහතා තලංගම පොලිසියට පැමිණිලි කර තිබූ අතර අදාළ පැමිණිල්ලට කටඋත්තරදීම දේවගෙදර පැහැර හැරතිබූ බව වාර්තා වේ.
 
මේ පහරදීම වූ අවස්ථාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධ හඬපටයක් අපවෙත ලැබී තිබේ. ඊට පහතින් සවන්දිය හැකිය.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top