Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 08, 2017

සිවිල් ගුවන් සේවා අධිකාරියට CID ය කඩා පනියි Featured

සිවිල් ගුවන් සේවා අධිකාරියට විසිදෙනෙකුගෙන් පමණ සමන්විත රහස් පොලිස් කණ්ඩායමක් මේවන විට කඩා පැන ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ආයතනයේ සේවකයන් අභ්‍යන්තර තොරතුරු මාධ්‍යයට ලබා දෙන බවට පාලන අධිකාරියෙන් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂා කරන බවට වාර්තා වේ.

මීට අමතරව රහස් පොලිසිය විසින් සේවකයන්ගෙන් ප්‍රශ්න කරනු ලබන බව ද එම අධිකාරීයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් කැළුම් කොඩිතුවක්කු මහතා පැවසීය.

වංචා දූෂණ පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රියාකළ සේවකයන්ගෙන් රහස් පොලිසිය මෙලෙස ප්‍රශ්න කිරීම යහපාලනය දැයි ජනපතිගෙන් තමා විමසන බවද ඔහු කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top