Mar 08, 2017

ජනමාධ්‍යවේදීන්ගේ ශ්‍රාස්ත්‍රපති උපාධියට පොල්ලක් ! Featured

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ හොරණ ශ්‍රීපාලි මණ්ඩපය විසින් පවත්වා ගෙන ගිය ජනමාධ්‍යවේදීන් සඳහා වූ ශ්‍රාස්ත්‍රපති උපාධි පාඨමාලාව (MA) වහාම නවතා දමන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් දැනුම්දී ඇත.

ඒ, එම පාඨමාලාව අසාර්ථක බව පවසමිනි.

මුලික උපාධියක් නොමැති මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලින පළපුරුද්දක් ඇති ජනමාධ්‍යවේදීන් සඳහා මෙම පාඨමාලාව සංවිධානය කර තිබු අතර අපොස උසස් පෙළ සමතුන්ට ඒ සඳහා අයදුම් කලහැකිවිය.

එහි පළමු පාඨමාලාව සඳහා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් 45 දෙනෙකු බඳවා ගෙන ඇති අතර අවසන් නිබන්ධනය භාර දී ඇත්තේ ඉන් එක් අයකු පමණි.

ඒ, මව්බිම පුවත්පතේ කතෘ මණ්ඩල උපදේශක අශෝක ඩයස් මහතා ය.

පාඨමාලාව අසාර්ථක බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීන්දු කර ඇත්තේ එම අසාර්ථක ප්‍රතිපල පදනම් කර ගනිමිනි.

මේවනවිට එම ශ්‍රාස්ත්‍රපති උපාධි පාඨමාලාව සඳහා දෙවන කණ්ඩායම ද බඳවා ගෙන ඇත.

මෙහි පාඨමාලා අධ්‍යක්ෂක ටියුඩර් වීරසිංහ මහතාගෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ එවැන්නක් මෙතෙක් තමා නොදන්නා බවයි.

මෙම පාඨමාලාව අසාර්ථක බව පැවසිය නොහැකි බවත් අවසන් නිබන්ධනය භාර දීමට නිශ්චිත දිනයක් නොමැති බැවින් ‍ශ්‍රාස්ත්‍රපති උපාධිය සමත් විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top