15976 BM WEB BANNER 01
Mar 09, 2017

මුදල් ඇමතිකම චම්පිකට ! Featured

ළඟදී සිදුකිරීමට නියමිත බව පැවසෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මුදල් අමාත්‍ය ධුරය ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා වෙත පැවරීමට යෝජනාවී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධුර වෙන්කර ගැනීමේදී මුදල් අමාත්‍ය ධුරය හිමිවුයේ එක්සත් ජාතික පක්ෂයටය.

පාඨලී චම්පික රණවක මහතා මෙවර පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණ යටතේ තරඟ කරමිනි.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකර ඇති කාර්ය භාරය හා ඇමතිවරයකු ලෙස ඔහුට මෙතෙක් කිසිඳු වංචා දුෂණ චෝදනාවක් එල්ලවී නොතිබීමද සලකා මුදල් අමාත්‍ය ධුරය ඔහුට පවරන ලෙස විද්වතුන් කිහිප දෙනෙකුම පසුගිය දා ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සැකසු වාර්තාවකට අනුව මෙරට ආර්ථික ඉලක්ක ජයගෙන ඇත්තේ සංචාරක ව්‍යාපාරය හා ඉඳිකිරීම් ක්ෂේත්‍රය පමණි.

එහිදී මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ කාර්යභාරයද විශේෂ ඇගයීමට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඉවත් කරන කතා බොරු :

කෙසේවුවද 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ, බැඳුම්කර සිද්ධිය පදනම් කර ගනිමින් රවී කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලිමක් කර ඇති බවයි.

කරුණානායක මහතා මැතිවරණ අවස්ථාවලදී පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මුදල් රැස්කර දීමට සුවිශාල කාර්යභාරයක් ඉටුකළ අයකු වන අතරම රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකයා ලෙස කටයුතු කල සමයේ සජිත් ප්‍රේමදාස කල්ලියෙන් එල්ලවූ අභියෝග හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ රඳවා ගැනීමට සුවිශාල මෙහෙවරක් ඉටුකළ එජාපයේ ජ්‍යේෂ්ඨ නායකයෙකි.

ඇමති මණ්ඩල මාරුව සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී මුදල් ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියකු පැවසුයේ, රවී කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් නොකරන බවට ජනාධිපතිවරයා සහතික වී ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top