nsb

Mar 09, 2017

වැට් බද්ද හේතුවෙන් උද්ධමනය වැඩිවීමක් - IMF Featured

2016 වසරේ දෙවන භාගයේ ශ්‍රී ලංකාවේ සර්ව ආර්ථිකය මිශ්‍ර ප්‍රතිපල ලඟා කරගෙන ඇති බවත්, පවතින නියඟය සහ වැට් බද්ද හේතුවෙන් උද්ධමනය වැඩිවීමක් දක්නට ඇති බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සැකසු වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

IMF LEE 640x360

ජාත්‍යන්තර අරමුදලේ නියෝජිත ජීවූ ලී

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන වසර තුනක ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩසටහන පිළිබඳව ඇගයීම පිණිස ජාත්‍යන්තර අරමුදලේ නියෝජිත ජීවූ ලී ප්‍රමුඛ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය පෙබරවාරි 21 සිට මාර්තු 7 දක්වා සිදුකරනු ලැබූ විමර්ශනයක් සිදුකරනු ලැබිය.

ඉන් අනතුරුව අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිලිබඳ සමාලෝචනයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ ප්‍රධානි ජීවූ ලී මෙම වාර්තාව සකස්කොට ඇත.

මෙම ආර්ථික වැඩසටහන ඔස්සේ මහජන මුදල් තරසර පදනමකට යොමුකරමින් එහි සාමාජයීය සහ සංවර්ධනය ඇතිකිරීමට ඉඩ ප්‍රස්තා සැලසීම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක වේ.

” ශ්‍රී ලංකා මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර එකඟතාවයන් ඇතිකර ගැනීම සඳහා අප කණ්ඩායම දෙවන අදියරේ ප්‍රගති විමර්ශන යෙදි ගත් උත්සාහයන් සැහෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ. නැවත වරක් ලබන අප්‍රේල් මාසයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන ලෝක බැංකු සාකච්ඡා වලදී මේ ගැන අවධානය යොමුකරනු ඇත. ” යනුවෙන් ජාත්‍යන්තර අරමුදලේ නියෝජිත සිය වාර්තාවෙන් පවසයි.


මුල්‍ය ගිණුම දුර්වල තත්වයක :


” ශ්‍රී ලංකාවේ ජංගම ගිණුම ස්ථාවරව පවතින මුත් ප්‍රාග්ධන පිටතට ගලා යාම හේතුවෙන් මුල්‍ය ගිණුම දුර්වල තත්වයකට පත්ව තිබේ. නියඟය තවදුරටත් පැවතිය හොත් ආහාර සහ තෙල් මිල ඉහල යාම වර්ධනය , උද්ධමනය සහ ගෙවුම් ශේෂය මත අහිතකර බලපෑම් ඇතිකිරීමට හේතුවනු ඇති බව ද අදාල වාර්තාවෙන් පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සිය විමර්ශන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි , පාර්ලිමේන්තු නියෝජිතයන් , රජයේ නිලධාරීන් , ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියෝජිතයන්, සිවිල් සමාජ සහ ජාත්‍යන්තර සහකරුවන් මුණ ගැසී කරුණු විමර්ශනය කර තිබේ.

(radiogagana)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top