Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 09, 2017

ලංකාවේ ලකුණු හයේ අවාසනාව ! Featured

 
සංචාරක බංග්ලාදේශ පිල සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 500 සීමාව පෙනි පෙනී ලකුණු 494ක් රැස්කරගෙන සිටියදී සියළුදෙනා දැවීගියේය.
 
පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය දෙවැනි දිනය වූ අද (08) තරගය නතරකරන විට කඩුලු 2කට ලකුණු 133ක් ලබාසිටියේය.
 
ශ්‍රී ලංකාවට ලකුණු හය අසුබ ඉලක්කමක් වෙමින් ද්විත්ව ශතකය පෙනි පිනී කුසල් මෙන්ඩිස්ද ලකුණු 194කට දැවී ගියේය.
 
එය බංග්ලාදේශයට එරෙහිව ලාංකික පිතිකරුවකු රැස් කළ 7 වැනි වැඩිම ලකුණු ප්‍රමාණයයි.
 
වැඩිම ලකුණු ප්‍රමාණය රැස්කර ඇත්තේ කුමාර සංගක්කාර වන අතර ඔහු ලකුණු 319ක් රැස්කර ඇත. සංගා බංග්ලාදේශයට එරෙහිව රැස්කර ඇති ද්විත්ව ශතක ගණන දෙකකි.
 
මහේල ජයවර්ධන, මාවන් අතපත්තු හා අරවින්ද ද සිල්වාද බංග්ලාදේශයට එරෙහිව ද්විත්ව ශතක ලබා තිබේ.
 
තරගයේ දෙවැනි දිනයේ විශේෂ අවස්ථා පහළ වීඩියෝවේ.
 
 
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top