Mar 09, 2017

ලූස් සිගරට් තහනම් කරයි?

 
තනිවශයෙන් සිගරට් (ලූස් සිගරට්) විකිණීම තහනම් කිරීමට එරෙහිව නව නීති ගෙන ඒම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේදී  ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
 
බුලත්සිංහල රැටියාල පාසැලේ සෞඛ්‍ය කඳවුරක් විවෘත කරමින් අමාත්‍යවරයා මෙලෙස පැවසීය.
 
සිය ජිවිකාව අහිමි වන දුම්කොළ වගාකරන්නන් හට සහන ලබා දෙන බවත්, ඔවුන්ට විකල්ප ව්‍යාපෘති ආරම්භ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝක බැංකුවේ සහය හිමිවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top