Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 31, 2016

නියමකළ මිලට ඖෂධ අලෙවි නොකරන ඖෂධහල් වටලයි

ඖෂධ වර්ග 48 ක් සදහා රජය නියම කර තිබෙන උපරිම සහතික මිලට එම ඖෂධ ලබා නොදී කෘතිම ලෙස රටේ ඖෂධ හිගයක් ඇති කිරීමට බහුජාතික ඖෂධ සමාගම් රැසක් කටයුතු කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එවැනි තත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සදහා අත්‍යවශ්‍ය සියලු ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට ගබඩා කරමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සීරුවෙන් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා පැවසීය.

රජය නියමකළ මිලට අදාල ඖෂධ වර්ග අලෙවි නොකරන සියලුම ඖෂධහල් වටලා ඒ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ කටයුතු මේ සතියේ සිට ආරම්භ කෙරෙන බව පැවසූ අනුර ජයවික්‍රම මහතා කිසිදු බහුජාතික ඖෂධ සමාගමකට යටත්ව ඖෂධ 48 ක් සදහා පැනවූ සහතික මිල සංශෝධනය නොකරන්නේ යැයි ද සදහන් කළේය.

-සුජිත් මංගල ද සිල්වා-

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top