nsb

Mar 09, 2017

මළ සමයංගෙ වැඩ වල ප්‍රතිඵල භුක්තිවිදින්නෝ (ඡායා)

කළුතර උතුර, මල්වත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස්  රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනා තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

 එසේ ප්‍රතිකාර ලබන්නේ අයි.පී.එල් බුද්ධික සහ එන්.පී චාමර මධුවන්ත යන දෙදෙනායි.

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටියදී එක් පාදයක් ඉවත්කළ බන්ධනාගාර නියාමක අයි.පී.එල්. බුද්ධික මහතාට කෘත්‍රීම පාදයක් ලබා දීමට බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මීට අමතරව තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස්වීම් ලබා දීමටද විෂයභාර අමාත්‍යවරයාගේ ‍අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, මේ සිද්ධිය සිදුව මේවන විට දින 11 ක් ගතවී ඇතත් සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

sannigamබන්ධනාගාර නියාමකවරයෙක් ලෙස කටයුතු කළ එස්. සන්නිගම් මහතා මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු මිය යන විට 23 වැනි වියේ පසුවිය.

මේ සිද්ධියෙන් කළුතර බන්ධනාගාරයේ අවුරුදු 15ක් පමණ සේවය කළ බන්ධනාගාර ජේලර් එස්.ආර්. විජේරත්න මහතාද ජීවිතක්ෂයට පත්වූ අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වූ ඒ මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවුණි.

විජේරත්න මහතා කළුතර බන්ධනාගාරයේ අවුරුදු 15ක් පමණ සේවය කළ නිලධාරියෙකි.

මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනාට ඉක්මන් සුව පතමින් බන්ධනාගාර නිලධාරීන් සහ ඔවුන්ගේ හිතවතුන් තැබූ සටහන් කිහිපයක් පහත දැක්වේ.

Jelarsinjerd 2

Jelarsinjerd 1

Jelarsinjerd 3

Jelarsinjerd 4

Jelarsinjerd 5

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top