nsb

Mar 09, 2017

'පාක්ෂිකයින්ගේ සිහින සැබෑ කරනවා ' - ඩිලාන් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසය පුරා සිහින සැබෑ කළ අයුරින්, සිහිනයක් යැයි ඇතැමුන් සිතා සිටින පක්ෂය එකතු වීමත් මෙම වසරේදී සැබෑවක් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හාලි ඇල ආසනයේ පැවති පාසල් දරුවන්ට පොත් බෙදා දීමේ උත්සවයකදීය.

තමන් නල්ලතන්නියට වී සිටින්නේ ඒ සිහිනයත් සැබෑ වන බව දන්නා නිසා බව අමාත්‍යවරයා පැවසීය.

පක්ෂයේ මහලේකම් පොදු අපේක්ෂකයා බවට පත්වී රටේ ජනාධිපතිධුරයට පත්වේ යැයි නොසිතූ නමුත් එය සිදු වූ බවත් යම් ප්‍රමාණයක හෝ විධායක බලතල අත්හැරීම සිහිනයක් වුවත් එයද සිදු වූ බවත් ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ඉතිහාසය පුරාම ජනතාවගේ සිහින සැබෑ කිරීමට කැප කිරීම් කළ පක්ෂයක් ලෙස වර්තමාන පක්ෂයේ සමඟිය වෙනුවෙන්ද ඕනෑම කැපකිරීමක් කිරීමට සුදානම් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top