Mar 09, 2017

ජනපතිගෙන් සහතිකයක් : රවී 13දා ඇමරිකාවට !

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ලබන 13දා නිල සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බවත්, ඒ සඳහා ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේ ද අනුමැතිය හිමිව ඇති බවත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

රවී කරුණානායක අමාත්‍යවරයා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ 23දා බවත් ඔහු කියා සිටියේය.

ඔහු එබව සඳහන් කලේ, අද (09) උදැසන 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවියේ පළවූ 'මුදල් ඇමතිකම චම්පිකට' යන පුවත සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මුදල් ඇමති ධුරයෙන් ඉවත් නොකරන බවට ජනාධිපතිවරයා, රවී කරුනානායක මහතාට සහතික වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top