Mar 10, 2017

ආණ්ඩුව හාන්සිකරන්න ගැහුව ලේකම් ගැටේ ! Featured

ඉදිරියේදී විශ්‍රාම යාමට නියමිත අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු එක්ව සැකසූ ආණ්ඩුව බංකොළොත් කිරීමේ යෝජනාවක් සම්බන්ධ තොරතුරු විශ්‍රාම වැටුප් ජනරාල්වරයාගේ වාර්තාවක් මගින් හෙළිව තිබේ.
 
සිද්ධිය සැකවින් මෙසේය.
 
ඉදිරි වසර කිහිපය තුළ (2020 ට පෙර) දැනට අමාත්‍යංශ ලේකම් ධූරයන් දරණ 90% කට ආසන්න පිරිසක් විශ්‍රාමයාමට නියමිතය.
 
ඒ අනුව ආණ්ඩුව විසින් 2015 දී වැඩි කිරීමට තීරණය කරනු ලැබූ රුපියල් 10,000 වැටුප් වැඩිවීම ඔවුන්ට නොලැබේ.
 
ඊට හේතුව අදාළ වැටුප් වැඩිවීම අදියර 5ක් යටතේ 2016 සිට 2020 දක්වා කාලයේදී වැඩි කිරීමට කටයුතු යොදා ඇති බැවිනි.
 
මේ කාරණාවට විරෝධය දක්වමින් ඉදිරි වසර කිහිපයේදී විශ්‍රාම යාමට නියමිත අමාත්‍යංශ ලේකම්වරුන් විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාද නොමඟ යවමින් ඔහු හරහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් මේ අවුල සිදුව තිබේ.
 
අදාළ කැබිනට් පත්‍රිකාවට අනුව වසර 2016 ජනවාරි 01 වැනිදා සිට 2019 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ විශ්‍රාම යන සියලු අය 2020 වසරේ සම්පූර්ණවන වැටුප් පරිමානයේ තැබිය යුතුය යන්නය.
 
මේ ක්‍රමයට අනුව වැටුප් ගෙවීමේ බරපැණට එක්වන්නේ රුපියල් මිලියන 148ක් පමණක් යැයිද පෙන්වමින් අදාළ අවස්ථාවේ අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවා තිබේ.
 
කෙසේවුවද, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය මාර්තු 07 වැනිදා ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව 2016 ජනවාරි 01 වැනිදා සිට 2017 පෙබරවාරි මාසය දක්වා පමණක් විශ්‍රාම යන අයවෙනුවෙන් ගෙවීමට සිදුවන හිඟවැටුප් (විශ්‍රාම වැටුපට අමතරව) ප්‍රමාණය පමණක් රුපියල් මිලියන 4080ක් බව පෙන්වා දී තිබේ.
 
ඊට අමතරව විශ්‍රාමික පාරිතෝශිකය වෙනුවෙන් රුපියල් මිලියන 13,000ක් අවශ්‍ය බවද එම වාර්තාවේ දැක්වේ.
 
මෙම තීන්දුව හේතුවෙන් රාජ්‍යසේවයේ වැටුප් පරතරය අතිවිශාල වන බවද පැවසේන අතර මෙය ක්‍රියාත්මකවුවහොත් දැනට සේවයේ යෙදී සිටින අයට වඩා විශ්‍රාමික අයවෙනුවෙන් ගෙවන වැටුප් මුදල් ඉහල යන බවද පැවසේ.
 
එසේම, මින් ආණ්ඩුව බිඳවැටීමේ අවදානමක්ද ඇතිවිය හැකි බව වාර්තා වේ.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top