Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 10, 2017

ජයන්ත සමඟ 4ක් ක්‍රිකට් ආයතනයෙන් අස්වෙයි ? Featured

 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් දෙදෙනාම ඉල්ලා අස්වීමට සූදානම් වන බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
 
මෙසේ ඉල්ලා අස්වීමට සැරසෙන උප සභාපතිවරු දෙදෙනාවන්නේ ජයන්ත ධර්මදාස හා කේ. මතිවානන් යන දෙදෙනාය.
 
පසුගිය දිනවල, ඩුබායිවෙත ගොස් සිටි ධර්මදාස මහතා මේවන විට දිවයිනට පැමිණ සිටින අතර ඔහු සිය ඉල්ලා අස්වීම ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යොමු කිරීමට නියමිත බව පැවසේ.
 
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ චෙක්පත් සඳහා අත්සන් තැබීම පසුගිය දින කිහිපයක සිට මතිවානන් මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.
 
උප සභාපතිවරුන් වන ධර්මදාස මහතා ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රධානියා ලෙස ද මතිවානන් මහතා දේශීය ක්‍රිකට් ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය.
 
මොවුන් සමඟ, විධායක කමිටු සමාජිකයකු ලෙස කටයුතු කරන ප්‍රියන්ත අල්ගම මහතා හා ජයන්ත මහතාගේ සම්බන්ධීකාරක ශිබ්ලි විල්කාසිම් මහතා ද සිය ධූරවලින් ඉල්ලා අස්වීමට සූදානම්වන බව පැවසේ.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනයේ අවුල් හේතුවෙන් මොවුන් ඉවත්වීමට සැරසෙන බවද මේ අතර වාර්තා වේ.
 
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් ජයන්ත ධර්මදාස මහතාගෙන් විමසීමට දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top