Mar 10, 2017

එජාප කොණ්ඩම් තියරියට හසුවූ සුජිත් හා ශානුක

රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයට වැඩි වශයෙන් සහය දුන් මාධ්‍ය සගයන් දෙදෙනෙකු වන සුජිත් මංගල ද සිල්වා හා ශානුක කරුණාරත්නට රැකියා අහිමිවීමෙන් පසුව ඔවුන් සුරක්ෂිත කිරීමට කටයුතු නොකිරීම ගුණමකුකමක් යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරේන් ප්‍රනාන්දු මහතා කියයි.

ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය බදාදා පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

සුජිත්, ලංකාදීපයෙන් ද ශානුක හිරු වෙතින් ද දොට්ට දමද්දී එජාපයේ කිසිවකු ඔවුන්ට උදව් නොකළ බව ඔහු එහිදී පවසා තිබේ.

පක්ෂයට අසීරුම සමයේ සිය පුවත් දමාගත්තේ ඔවුන් හරහා බවද ඔහු එහිදී පවසා ඇත.

බදුල්ලට රෙදි ඇඳන් යන්න බෑ

තමා එජාපයේ ජයග්‍රාහී ගමනට බදුල්ලෙන් මුල පිරුවේ බදුල්ලේ ජනතාව දුන් ජන වරමින් බවත් සිහිපත් කළ හරීන් දැන් තමාට බදුල්ලට රෙඳි ඇඳන් යා නොහැකි තත්ත්වයක් ඇතිවී ඇතැයිද පවසා තිබේ.

ඒ පැරදිච්ච, නිමල් සිරිපාල බදුල්ලේ ජනතාවට රස්සාවල් දෙද්දී තමාට බදුල්ලේ කිසිවකුට රස්සාවල් දිය නොහැකිව ඇතැයිද ඔහු සඳහන් කර තිබේ

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top