15976 BM WEB BANNER 01
Mar 11, 2017

විමල් හිරේ ඉඳන් ඇන්ද චිත්‍ර මෙන්න Featured

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුළ සිට ලියන ලද පොත  මුද්‍රණය සඳහා බන්ධනාගාරයෙන් පිටතට යැවීමට අවශ්‍ය අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

එම පොත ඔහු නම්කර ඇත්තේ “රටට ඕනේ වම” යන නමින් බවද පැවසේ.

දෙවැනි පොතත් පෙරළයි

පළමු පොත ලියා අවසන් කළ විමල් වීරවංශ ඔහුගේ දැවැනි පොතද ලියමින් සිටින බව පැවසේ.

එම පොත ලියා අවසන් නොකළත් මේ වෙද්දී පිටු 200කට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති බවද වාර්තා වේ.

එම පොතට පාදකව ඇත්තේ සිරකුටියේදී ඔහු විඳි අත්දැකීම් සහ සිරගත දිවියේ ජීවන අත්දැකීම් බවද පැවසේ.

බටහිර බලය හා ලංකාවේ ඉරණම, නැත්ත වෙනුවට ඇත්ත, ගරු කතානායකතුමනි, යුද්ධය නැති රට යහපාලනයෙන් දෙකඩවන හැටි, වන්නිය ජිනීවා හා නිව්යෝර්ක් ඒ “නිදහස්” වීරවංශ ලියූ පොත්ය.

පහත ඇත්තේ විමල් සිරකුටියේ සිට ලියූ කවියකි.

හයේ කණිසමට වැහෙනා
සිරකුටියේ තනිවුණු හිත
බේස්ලයින් සිට හමනා
සුළඟ යදිනවා
කළුවර තුරුලුව සැතපෙන
අහස පෙනෙනවා

පින්බිම වෙනුවෙන් වැළපෙන
මල් ලියකම් සපිරි හදක

රිද්මය නවතාලන්නට
අඟුළු දැමූ දොරටුවකට
හැකිවන්නේ කෙලෙසද
බේස්ලයින් සිට හමනා
සුළඟ නුඹට කියාදෙන්න

අළු දුහුවිලි මතින් නැගුණු
ඉතිහාසයෙ සාක්ෂියක
බලමහිමය කියා දෙන්න
සුළඟ නුඹටවත් හැකිවෙද

අත්තටු ඇති හිත් පියඹන
මේ අහසට අඟුළු කොහිද

ඔහු ලිවීමට පමණක් කොටු නොවී දැන් අඳින්නටද පටන්ගෙන ඇතැයි වාර්තා වේ.

විමල් සිරකුටියේ සිට කැන්වසයක සටහන් කළ චිත්‍ර කිහිපයක් පහත දැක්වේ.

Wimalprisonart 1

Wimalprisonart 2

Wimalprisonart 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top