Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 11, 2017

විදුලිබල මණ්ඩලයේ බිලියන 11ක් ආගිය අතක් නෑ Featured

ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය සැපයීමේදී පාරිභෝගික ජනතාවගෙන් ආරක්ෂිත තැන්පතු ලෙස ලබාගත් රුපියල් කෝටි 1,100ක (බිලියන 11ක) මුදලක් ආගිය අතක් නැතැයි දේශයට වාර්තා වේ.
 
විදුලිබල පනත අනුව විදුලිය සැපයුමේදී තැන්පතු ලෙස ලබාගන්නා මුදල් වෙනුවෙන් පොලියක් පාරිභෝගිකයාට ගෙවිය යුතුය. 
 
මේ සඳහා සියයට හතයි දශම තුනක (7.3%) පොලියක් ගෙවිය යුතුයැයි විදුලිය මිල නියාමනය භාර මහජන උපභෝගීතා කොමිසමද මෙයට පෙර දැනුම් දී තිබුණ බව විදුලිබල මණ්ඩලයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග පවසයි. 
 
පාරිභෝගිකයන් ගණනාවක්ද තමන්ට නීතිය අනුව හිමි පොලිය ගෙවන ලෙස මණ්ඩලයෙන් ඉල්ලා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
 
ඒ ගැන කළ විමර්ශනයේදී මෙසේ අයකළ මුදල් පමණක් නොව ඒවා ගැන විධිමත් ගිණුම් හෝ කිසිදු නිල තොරතුරක් සොයාගැනීමට අදාළ බලධරයන්ට මේතාක් හැකිවී නැතැයි වැඩිදුරටත් සඳහන්ය. 
 
ප්‍රශ්නය උද්ගතවීමෙන් පසුව ඊට විසඳුමක් ලෙස ආරක්ෂක තැන්පතු ලබාගන්නා තැනැත්තන්ට පොලිය ගෙවිය යුතු යයි සඳහන් විදුලිබල පනතේ වගන්තිය සංශෝධනය කිරීමට මණ්ඩලයේ ඇතැම් බලධරයන් යෝජනා කර ඇතැයිද මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.
 
දැනටමත් මසකට කෝටි සිය ගණනක අලාභ මත පවත්වා ගෙන යන විදුලිබල මණ්ඩලය 2017 වසරේදී රුපියල් කෝටි පන්දහස් දෙසීයක් පමණ (බිලියන 52) අලාභ ලබනු ඇතැයි මේ වනවිට පුරෝකථනය කර ඇත.
 
මූලාශ්‍රය - දේශය
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top