nsb

Mar 12, 2017

කච්චතිව් මංගල්‍යට ඉන්දීය ධීවරයො නොඑති Featured

කච්චතිවු ශාන්ත අන්තෝනි දේව මැදුරේ 
වාර්ෂික මංගල්‍ය මේවන විට ආරම්භ වී ඇති අතර මේ සඳහා මෙවර දකුණු ඉන්දීය ධීවයෝ සහභාගිවී නැතැයි වාර්තා වේ.

දකුණු ඉන්දීය ධීවරයෝ මේ මංගල්‍ය වර්ඡනය කිරීමට හේතුවී ඇත්තේ පසුගියදා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයකුට වෙඩි තැබුව බවට වන සිද්ධියක් මුල්කරගනිමිනි.

අප වාර්තාකරු කියා සිටියේ දකුණු ඉන්දියාවේ සිට කිසිදු බෝට්ටුවක් පැමිණ නැති බව නාවික හමුදාව තහවුරු කළ බවයි.

මේ මංගල්‍ය නාවික හමුදාවේ සහයෝගයෙන් සිදු කෙරේ.

වෙනත් වසරවල සාමාන්‍යයෙන් තමිල්නාඩුව, කන්‍යාකුමාරී හා රාමේෂ්වරන් යන ප්‍රදේශයන්හි ඉන්දීය ධිවර ජනතාව 5,000 ක පමණ පිරිසක් මේ සඳහා සහභාගිවන බවද පැවසේ.

උතුරු පළාත් මහ ඇමති විශ්නෙශ්වරන්, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අගරදගිරු මැල්කම් පියතුමා ඇතුළු තවත් දේශපාලන නායකයින් හා දෙස් විදේශ ජනතාව මේ සඳහා එක්ව ඇති බවද වාර්වේ.

යාපනය අගරදගුරු ජන්ස්ටින් ඥාප්‍රකෂ්, නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණතිලක යන අයද මීට එක්වීමට නියමිත බව පැවසේ.

අහාර, පානීය ජලය හා සියලු යටිතල පහසුකම් පැමිණෙන ජනතාවට නාවික හමුදාව නොමිලේ සපයනු ලබයි.

වර්ග කිලෝමීටර් 1.15ක ප්‍රමාණයක පිහිට ඇති කච්චතිවු ඩෙල්ෆ් දුපතේ සිට කිලෝමීටර් 20 ක දුරින් කච්චතිවු දුපත පිහිටා ඇත.

මේ මංගල්‍ය දකුණු ඉන්දීය ධීවර ජනතාව ලංකාවේ සිටින සිය ඥාතීන් බැලීමට එන නෑදෑගමනක් බවට පත්කරගෙන ඇති එකක් බවද පැවසේ.

ඉන්දීය මාධ්‍යවේදීනුත් නෑ

වෙනත් වසරවල මේ මංගල්‍ය වාර්තා කිරීමට ඉන්දීය මාධ්‍යවේදීන්ද පැමිණෙන අතර මෙවර ඉන්දීය මාධ්‍යවේදීන්ද පැමිණ නැතැයි වාර්තා වේ.

කෙසේවුවද, නාවික හමුදාව පවසන්නේ තමන් ඉන්දීවරයන්ට වෙඩි නොතැබූ බවයි.

එසේම, වෙඩි වැදුන බව පැවසෙන ධීවර යාත්‍රාවේ GPS සටහන් ඉන්දීය නාවිකා හමුදාව වෙතින් ඉල්ලා ඇති බවත්, වෙඩි වැදී ඇති ධීවරයාගේ ඇඟේ තිබී සොයාගත් උණ්ඩය ශ්‍රී ලංක නාවික හමුදාවේ ගිනිඅවියකින් පිටවූ එකක් නොවන බවත් නාවික හමුදාව කියා සිටී.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top