nsb

Mar 13, 2017

'හමුදාව තුල විශාල නොසන්සුන්තාවයක්' - රතන හිමි Featured

අද වන විට සිදු වන්නේ කුමක්දැයි හමුදාව තුල විශාල නොසන්සුන්තාවයක් හටගන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

නව ආණ්ඩුව පත් වී වසර දෙකක් ගත වීත් මේ කරන විකාරය කුමක්දැයි එහිමියෝ ප්‍රශ්න කරති.

උන් වහන්සේ මේ අදහස් පළ කර තිබුණේ දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකද වුනේ’ වැඩසටහනට එක්වෙමිනි.

චම්පික අතට ගැනීමට පෙර :
මෙසේ හමුදා සාමාජිකයින් සම්බන්ධ ප්‍රශ්න රතන හිමියන් විසින් දිගින් දිගටම ප්‍රකාශ කරනුයේ, එම කාරනා ජාතික හෙළ උරුමයේ ඇමති පාඨලී  චම්පික රණවක මහතා අතට ගැනීම වැලැක්වීම සඳහා බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එහෙත්, රතන හිමියන් ආණ්ඩුවේ බලධාරීන්ට දැනුම්දී ඇත්තේ, තමන්වහන්සේ හමුදා සාමාජිකයින්ගේ ගැටළු විශේෂ අවධානයට යොමුකරවමින් විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්බ කර ඇත්තේ ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින හමුදා සාමාජිකයින් රාජපක්ෂවරුන් වෙත යොමුවීම වලක්වා ගැනීමේ අරමුණින් බවයි. 

මහින්ද හමුදා කුමන්ත්‍රණයක ?
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට එරෙහිව හමුදාව උසිගැනීමේ දේශපාලන කුමන්ත්‍රණයක දී සිටින්නේ දැයි රාජ්‍ය බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ‘වියත්මඟ’ නමැති සංවිධානයේ ප්‍රධානින් වන හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක, කමල් ගුණරත්න, පාලිත ප්‍රනාන්දු, සොයිසා, කපිල හෙන්දාවිතාරණ, සීවලී වනිගසේකර, ජී. ඒ. චන්ද්‍රසිරි ආදී විශ්‍රාමික මේජර් ජනරාල්වරුන් හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, රියර් අද්මිරාල් එච්. ආර්. අමරවීර, රියර් අද්මිරාල් මොහාන් විඡේවික්‍රම, රියර් අද්මිරාල් සරත් වීරසේකරවැනි හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් වරින්වර මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින් සිදුකරන රහස් සාකච්ජා පිළිබඳව එම බුද්ධි අංශවල විශේෂ අවධානය යොමුව තිබේ.   

 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය,  හමුදා සාමාජිකයන් පොලඹවා ගැනීම මඟින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරිත්වයක් විය හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

‘මොකද වුනේ’ වැඩසටහනේදී රතන හිමියෝ මොකද කිව්වේ.



 සබැඳි පුවත් :
ගෝඨාගේ ‘වියත්මග’ ගැන බුද්ධි අංශ විමසිල්ලෙන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top