Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 13, 2017

'විරුවන්ගේ විත්ති වාචකය' ගෝඨාට Featured

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා හමුදාව මුළුමනින්ම නිදොස්‌ බවට දක්‌වන කරුණු සඳහන් 'විරුවන්ගේ විත්ති වාචකය' නමැති පිටු 200 ක වාර්තාව අද (13 ) සවස 3.00 ට කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධ මන්දිරයේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පිළි ගැන්වීමට නියමිතය.

මෙම වාර්තාව ලුතිනන් ජනරාල් දයා රත්නායක, රියර් අද්මිරාල් එච්. ආර්. අමරවීර. රියර් අද්මිරාල් මොහාන් විඡේවික්‍රම, මේජර් ජනරාල් සීවලී වනිගසේකර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන්ට ද පිළිගැන්වේ.

මෙම වාර්තාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට පෙර එකී හමුදා නිලධාරි කණ්‌ඩායම විසින් හෙට (14 ) එය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ද පිළිගැන්වීමට කටයුතු යොදා ඇත.

අනතුරුව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් 16 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ද යොමුකර කෙටි කරුණු දැක්‌වීමක්‌ සිදුකිරීමට බලාපොරොත්තුව සිටියි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top