15976 BM WEB BANNER 01
Mar 13, 2017

නිවේදිකාවන්ට ලිංගික අතවර සිද්ධිය ගැන පරීක්ෂණයක් - රූපවාහිනී සභාපති

ජාතික රූපවාහිනියේ දමිළ අංශයේ ප්‍රවෘත්ති නිවේදිකාවන්ට එහි ප්‍රධානියකුගෙන් ලිංගික අතවර වන බවට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් තමා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ද සහය ඇතිව පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව ජාතික රූපවාහිනියේ සභාපති රවී ජයවර්ධන මහතා පැවසීය.
 
ශ්‍රී ලංකා මිරර් ඒ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
 
තමාට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ සඳහා දෙපාර්ශවයෙන්ම කරුණු ඉදිරිපත්වී තිබීම නිසා මේ පියවර ගත්බවද ඔහු කියා සිටියේය.
 
මේ නිවේදිකාවන් මෙවැනි පැමිණිල්ලක් කර ඇත්තේ අදාළ අංශ ප්‍රධානියා නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නෙක් නිසා බවද රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
එසේම ඇතැම් නිවේදිකාවන්ට විනය කාරණා මත චෝදනා එල්ලව ඇති බවද පැවසේ.
 
සබැඳි පුවත්
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top