Mar 14, 2017

යුද අපරාධ චෝදනා ගැන කතා කිරීම බරපතල වරදක්

ශ්‍රී ලංකාවට නගන ලද යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අවධානය අඩු වෙමින් ඇති අවස්ථාවක ඒ පිළිබඳ  නැවත නැවත කතා කිරීම ශ්‍රී ලංකාව සිදු කරන බරපතල වරදක් බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ හමුදා සාමාජිකයින්ට චෝදනා කරමින් ඉදිරිපත් වී ඇති වාර්තාවලට එරෙහිව ‘‘ජාතික සංවිධාන කමිටුව‘‘ විසින් සකස් කර සකස් කළ ‘‘විරුවන්ගේ විත්ති වාචකය‘‘ එළි දැක්වීම වෙනුවෙන් කොළඹ ඊයේ පැවති උත්සවයකදීය.

එදා යුද අපරාධ කළ අය අද මානව හිමිකම් චැම්පියන්ස්ලා වී සිටින බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසිය.

අද දවසේ ටී.එන්.ඒ සංවිධානය සමග සිටින්නේ එදා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටිය උදවිය බවත්, යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා නඟන්නේ මෙහෙව් අය බවත් ඔහු කියා සිටියේය.

කර තබාගෙන යන්නේ ආණ්ඩුව :

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත්කරමින්, ඔබාමා පාලනය සහ යුරෝපීය බලවතුන් විසින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවට අදාළ භයානක ලියෑවිල්ලේ වගන්ති වෙනස්‌ කර ගැනීමට වත්මන් ආණ්‌ඩුව කිසිදු උත්සාහයක්‌ ගන්නේ නැතැයි චෝදනා කරයි.

2015 ඔක්‌තෝම්බර් මාසයේදී ආණ්‌ඩුවේ උදව් සහ සම අනුග්‍රාහකත්වය ඇතිව ගෙනා මෙකී යෝජනාව අද කර තබාගෙන යන්නේ ශ්‍රී ලංකා ආණ්‌ඩුවෙන්ම යෑයි ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top