nsb

Mar 14, 2017

පැහැරගත් නෞකාවේ සේවකයින් ගැන රජයේ අවධානය

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලා ගන්නා ලද බව පවසන නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට විදේශ අමාත්‍යංශය පියවර ගනිමින් සිටියි.

විදේශ අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගත් වහාම එම තොරතුරු එම නෞකාවේ සේවක පිරිසේ ආරක්ෂාවට අගතියක් සිදු නොවන අයුරින් වාර්තා කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවද එම නිවේදනය මගින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

මුහුදු කොල්ලකරුවන් විසින් කොල්ලකන ලදැයි පැවසෙන “ශ්‍රී ලාංකික ධජය රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව” සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තා පිළිබඳව අමාත්‍යාංශයට දැන ගන්නට ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර, මූළික විමසීම් වලින් කරුණු හෙළිවන පරිදි එම නෞකාව ශ්‍රි ලංකාවේ ලියාපදිංචි වී නොමැති වුවත් එහි ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු සේවය කළ බවට වාර්තා වී ඇත.

නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top